
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි-20 ලීගයේ 5 වැනි තරගය ලෙස ඩුබායි කැපිටල්ස් කණ්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම අතර ඩුබායි නුවරදී ඊයේ (6 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම සමත් විය. එහිදී ජයන්ට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පිට පිටම දෙවැනි අර්ධ ශතකයද ලබා ගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය ජයන්ට්ස් ක්‍රීඩකයෝ ඕවර 18.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ පැතුම්, පන්දු 31 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමග වේගවත් ලකුණු 67 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය. ඊට ජේම්ස් නීෂම්ගේ ඕවරයකදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලබාගත් ලකුණු 22 ක්ද ඇතුළත් විය.
මුලු ලකුණු සංඛ්‍යාව 10 ක්ව තිබියදී පළමු කඩුල්ල ලෙස රහ්මනුල්ලා ගුර්බාස් (9) දැවීයෑමෙන් අනතුරුව ජේම්ස් වින්ස් (50) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 97 ක් ගොඩනැගීමටද පැතුම් සමත් විය. පන්දු 45 කදී වාර්තා වූ වින්ස්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. එහිදී ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගැනීමට ඩුබායි කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඩුබායි කැපිටල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 160 ක් ලබාගත් අතර ඩුබායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු සෙදිකුල්ලා අතාල් පන්දු 25 කින් ලකුණු 35 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. ජෝඩාන් කොක්ස් පන්දු 17 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 31 ක්ද, දසුන් ශානක පන්දු 9 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 23 ක්ද රැස්කළහ.
ඩුබායි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 160
(සෙදිකුල්ලා අතාල් 35, ඩේවිඩ් විලී 29, ජෝඩාන් කොක්ස් 31, ජේම්ස් නීෂම් නොදැවී 16, දසුන් ශානක නොදැවී 23, අස්මතුල්ලා ඔමර්සායි 46/3)
ගල්ෆ් ජයන්ස්ට් පිල - ඕවර 18.5 කදී කඩුලු 6 කට 161
(පැතුම් නිස්සංක 67, ජේම්ස් වින්ස් නොදැවී 50, දසුන් ශානක 16/2, මුස්තෆිසුර් රහමන් 26/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.