Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
හොං කොං රාජ්‍යයට එරෙහිව ලකුණු 155 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට ‘ඒ’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම බවට පත්වීමට පාකිස්තානය අද (2 වැනිදා) සමත් විය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී හොං කොං කණ්ඩායම ලකුණු 38 කට දැවී ගිය අතර එය විස්සයි-20 තරගයකදී ඔවුන් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරටද එක්විය.
විස්සයි-20 තරගයකදී පාකිස්තානය හමුවේ ඕනෑම කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවද එය වූ අතර එම ලකුණු 38 න් ලකුණු 10 ක්ම අතිරේක ලකුණු වීමද කැපී පෙනෙන සුදුවීමක් විය. අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලැබූ රටක් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී වැඩිම ලකුණු පරතරයකින් ලැබූ ජයග්‍රහණ අතර දෙවැනි ස්ථානයටද පාකිස්තානයේ මෙම ජයග්‍රහණය පත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය හොං කොං කණ්ඩායමේ කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව පසුකර යෑමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩක් නොදුන්හ. එහිදී ශදාබ් ඛාන් ලකුණු 8 කට කඩුලු 4 ක්ද, මොහොමඩ් නවාස් ලකුණු 5 කට කඩුලු 3 ක්ද, නසීම් ෂා ලකුණු 7 කට කඩුලු 2 ක්ද දවාගනිමින් හොං කොං ඉනිම සුනුවිසුණු කර දැමූහ.
කාසියේ වාසිය දිනූ හොං කොං කණ්ඩායමේ නායක නිසාකත් ඛාන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 193 ක් ලබාගත්තේය. අවසන් ඕවර කිහිපයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කුෂ්දිල් ෂා (නොදැවී 35) තමා මුහුණදුන් පන්දු 15 න් 5 ක්ම හතරේ සීමාවට ඉහළින් යැවීමට සමත් විය. ඊට අවසන් ඕවරයේදී අයිසාස් ඛාන්ගේ පන්දු හමුවේ පිට පිටම ගැසූ හයේ පහර 4 ක්ද ඇතුළත් විය.
මුලු ලකුණු සංඛ්‍යාව 13 ක් වන විට ඒසාන් ඛාන්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් නායක බාබර් අසාම් ලකුණු 9 කට දැවී ගියද, ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් (නොදැවී 78) සහ ෆකාර් සමාන් (53) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 116 ක වේගවත් සම්බන්ධතාවක් පිහිටුවමින් පාකිස්තාන ඉනිම ගොඩනැගූහ.
එහිදී පන්දු 41 කට මුහුණදුන් සමාන් හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර ඒසාන් ඛාන් යැවූ පාකිස්තාන ඉනිමේ 17 වැනි ඕවරයේ පළමු පන්දුවේදී අයිසාස් ඛාන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. ඉනිම නිමාවන තෙක්ම එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදුන් රිස්වාන්, පන්දු 57 කදී ලබාගත් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.
පාකිස්තානය
මොහොමඩ් රිස්වාන් - නොදැවී 78
බාබර් අසාම් - ඇ. සහ ප.ඒසාන් 9
ෆකාර් සමාන් - ඇ.අයිසාස් ප.ඒසාන් 53
කුෂ්දිල් ෂා - නොදැවී 35
අතිරේක 18
එකතුව ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 193
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
ඉෆ්තිකාර් අහමඩ්, අසීෆ් අලී, ශදාබ් ඛාන්, මොහොමඩ් නවාස්, නසීම් ෂා, හාරිස් රවුෆ් සහ ශානවාස් දහානි
කඩුලු වැටීම :
1-13(බාබර්), 2-129(ෆකාර්),
පන්දු යැවීම :
හරූන් අර්ෂද් 2-0-14-0, අයුෂ් ශුක්ලා 3-0-33-0, එසාන් ඛාන් 4-0-28-2,
අයිසාස් ඛාන් 3-0-44-0, යසීම් මුර්ටාසා 4-0-36-0, මොහොමඩ් ඝසන්ෆර් 4-0-38-0
හොං කොං
නිසාකත් ඛාන් - ඇ.අසීෆ් ප.නසීම් ෂා 8
යසීම් මුර්ටාසා - ඇ.කුෂ්දිල් ප.දහානි 2
බාබර් හයට් - ප.නසීම් ෂා 0
කින්චිට් ෂා - ක.මු. කළා ප.නවාස් 6
අයිසාස් ඛාන් - ප.ශදාබ් 1
සුකොට් මැකෙච්නී - ප.නවාස් 4
සීෂාන් අලී - ඇ.ඉෆ්තිකාර් ප.නවාස් 3
හරූන් අර්ෂද් - ප.ශදාබ් 3
එෂාන් ඛාන් - නොදැවී 0
අයුෂ් ශුක්ලා - ප.ශදාබ් 1
මෙහොමඩ් ඝසන්ෆර් - ක.මු. කළා ප.ශදාබ් 0
අතිරේක 10
එකතුව ඕවර 10.4 කදී සියලු දෙනා දැවී 38
කඩුලු වැටීම :
1-16(නිසාකත්), 2-16(බාබර්), 3-19(යසීම්), 4-25(අයිසාස්), 5-30(කින්චිට්), 6-31(ස්කොට්), 7-36(හරූන්), 8-36(සීසාන්), 9-38(අයුෂ්), 10-38(ඝසන්ෆර්)
පන්දු යැවීම :
නසීම් ෂා 2-0-07-2, ශානවාස් දහානි 2-1-07-1, ඉෆ්තිකාර් අහමඩ් 1-0-03-0, හාරිස් රවුෆ් 1-0-06-0, ශදාබ් ඛාන් 2.4-0-08-4, මොහොමඩ් නවාස් 2-0-05-3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.