
නාමල් පතිරගේ
චීනයේ සන්යා නුවරදි දැන් පැවැත්වෙන හය වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම අද (29) දිනා ගැනීමට ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩිකා නිපුනි වාසනා ධර්මසේන සමත් වූවාය.එහි විශේෂත්වය වන්නේ වසර 2008 දී ඇරඹි මෙම ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව ඕනෑම ක්‍රීඩා ඉසව්වකින් දිනා ගත් පළමු රන් පදක්කම එයවීමයි.
කිලෝග්‍රෑම් 50 බර පංතිය (කාන්තා) ඉසව්වේ අවසන් මහ තරගය වියට්නාම ක්‍රීඩිකා තායි කිම් ඩොආන් 2 - 1 කට පරාජය කරමින් ඇය එම රන් පදක්කම දිනා ගත්තාය.අවසන් පූර්ව තරගයේදී ජපාන ක්‍රීඩිකාව පරාජය කරමින් හා මූලික වටයේදී කසකස්ථානය, කාම්බෝජය හා චීනය යන රටවල ප්‍රබල ක්‍රීඩිකවන් පරාජය කරමින් මෙම වාර්තාගත රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත්වූවාය.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ 22 හැවිරිදි ක්‍රීඩිකාවක් වන නිපුනි වාසනා වෙල්ලපල්ල මහ විදුහලේ ආදී ශිෂ්‍යාවකි.
උසස් දක්ෂතා මල්ලවපොර සංචිතයට ඇතුළත්ව සිටින ඇය මීට පෙර ජාත්‍යන්තර තරග සංචාර ගණනාවකට සහභාගිවී සිටින අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ලෝකඩ පදක්කම්ලාභී හා ලෝක ශූරතා (වයස 20 න් පහළ) ලෝකඩ පදක්කම්ලාභී ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මී අහිංසා ප්‍රනාන්දු සමග එකට පුහුණුවීම් හදාරයි.මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම එකම විදුහලේ එකම පුහුණුකරු යටතේ (සුරංග කුමාර මහතා) පුහුණුවීම් හදාරයි.
නෙත්මි අහිංසා ක්‍රීඩිකාවද මෙම තරගාවලියට සහභාගි වූවත් පදක්කම් දිනා ගැනීමට අපෝහෝසත් වූවාය.
රන් පදක්කම්ලාභීණී නිපුණි වාසනා මීළග ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබා ගැනීමේ ඉහළම අවස්ථාවක් ලබා සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට මේ වන විට පත්ව සිටින බව ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපතිනී සරත් හේවාවිතාරණ මහතා පවසයි.
අද (30) නිමාවට පත් වන සන්යා ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ ඊයේ පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව නව වැනි ස්ථානයේ පසු විය.ඒ රන් පදක්කම හැරෙන්නට කබඩි (කාන්තා) හා මලල ක්‍රීඩා (කාන්තා) යන ඉසව් වෙතින් රිදී පදක්කම් දෙකක් හා මලල ක්‍රීඩා ඉසව් වෙතින් ලෝකඩ පදක්කම් හතරක් හිමි කර ගැනීමෙනි.
අසළ්වැසි ඉන්දියාව ඒ වන විට රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් එකක් හිමි කර ගනිමින් පස් වැනි තැනේ පසු විය.සත්කාරක චීනය ඒ වන විට රන් පදක්කම් 22 ක් දිනා ක්‍රීඩා උළෙලේ සමස්ත ජයග්‍රාහණය ඒ වන විටත් තහවුරු කර තිබුණි.
ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා උළෙලට ක්‍රීඩා ඉසව් හයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 79 දෙනෙකු ඇතුළුව 109 දෙනෙකුගෙන් සමන්විත සමස්ත කණ්ඩායමක් සහභාගි කළේය.ඒ සදහා ක්‍රීඩා අමාත්‍යාංශය දැරූ පිරිවැය රුපියල් කෝටි හතකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.