ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ඇතිකරගන්නා ක‍්‍රීඩක සංඛ්‍යාව 41 ක් දක්වා අඩු කරමින් පළමු පෙළ තරගයකදී ක‍්‍රීඩකයකුට දිනකට ගෙවන මුදල වැඩි කිරීමට පියවරගත් බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා අද (08) පැවසීය.
ක‍්‍රිකට් අතුරු කමිටුවේ ප‍්‍රගතිය පිළිබදව දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී අද (08) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.
”ගිවිසුම්ගත ක‍්‍රීඩකයෝ 104 ක් හිටියා. මගේ යෝජනාව වුණේ 35 ක් දක්වා අඩු කළ යුතුයි කියන එක. දැන් එය 41 ක් දක්වා අඩු කරලා තියෙනවා. පළමු පෙළ ක‍්‍රීඩකයන් 210 ක දිනක ගෙවීම රුපියල් 7500 ක් දක්වා වැඩි කළා”
”ගිවිසුම්ගත ක‍්‍රීඩකයකු වුණාම දස්කම් දැක්වුවත් නැතත් එය ලැබීම නිසා ඉදිරියට ඒමට දරණ උත්සාහය අඩුයි. ඒත් අලූත් ක‍්‍රමය යටතේ ඉදිරියට එන්න සටන් කරන්න ඕනේ. ඒ වගේම ක‍්‍රීඩකයකු ක‍්‍රීඩා කළ හොත් මුදල් සොයන්න පුළුවන්”
”ගිවිසුම්ගත ක‍්‍රීඩකයන්ගේ ඉහළින්ම සිටින 17 දෙනාගේ ගෙවීම් හැර සෙසු කී‍්‍රඩකයන්ගේ ගෙවීම් මිලියන 96 සිට මිලියන 130 ක් දක්වා ගෙවීම් වැඩි කර තිබෙනවා”
”පළමු පෙළ ක‍්‍රීඩකයකුට ලක්‍ෂ 6 ක මුදලක් උපයන්න පුළුවන් ඊට වඩා ක‍්‍රීඩා කළ හොත් එම ක‍්‍රීඩකයකුට ලක්‍ෂ 8 ක් දක්වා යන්න පුළුවන්. එය සියයට 300 ක වැඩි වීමක්”
අදාළ මුදල් පළමු පෙළ ක‍්‍රීඩකයන්ට ඔවුන් ක‍්‍රීඩා කරන ක‍්‍රීඩා සමාජ මගින් ගෙවීමට කටයුතු කරන බව මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ක‍්‍රිකට් අතුරු කමිටුවේ ලේකම් ප‍්‍රකාෂ් ශාෆ්ටර් මහතා පැවසීය.
ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා මෙහිදී පැවසුවේ මීට වසර 15 කට පමණ කළයුතුව තිබූ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය වන කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංණයේ ගෘහස්ථ පුහුණු මධ්‍යස්ථානයට සහ පිහිනුම් තටාකයට ලබන ජූලි මස 2 වැනිදා කෙසේ හෝ මුල්ගල තබන බවයි.
”මගෙන් බොහෝ දෙනෙකු ඉල්ලා සිටිනවා මේක විතරක් කරලා ගියත් ඇති කියලා. බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතන උප සභාපතිවරයාත් මගෙන් ඇහුවා ඔවුන්ගේ සියලූම ක‍්‍රීඩාංගණවල ගෘහස්ථ පහසුකම් තිබෙනවා අපේ ප‍්‍රධාන ක‍්‍රීඩාංගණයේවත් එය නැත්තේ ඇයි කියලා”
”මෙම ගෘහස්ථ පුහුණු මධ්‍යසන්ථානේ පුහුණු තණතීරු 6 න් හතරක් එකිනෙකට වෙනස් වෙනස් පුහුණු තණතීරු ඉදි කරනවා. ඉතිරි ඒවායේ නවීණ පරීක්‍ෂණ පහසුකම් සහිතව ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ පුහුණුකරුවන් දැන් පිහිනුම් තටාකය සමඟ ක‍්‍රීඩකයන් එක්ක වැඩ කරනවා ඒ නිසා එයත් ඉතාමත් වැදගත්. ඒ වගේම මෙය ක‍්‍රීඩකයන් එක්රැස්කර ස්ථානයක් බවටත් පත්කරන්න පුළුවන්”
මෙහිදී අදහස් දැක්වූ ක‍්‍රිකට් අතුරු කමිටුවේ භාණ්ඩාගාරික ලූසිල් විජේවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආතයතනය මිලියන 195 ක් බැංකුවේ තැන්පත්කර ඇති අතර මේ වන විට බැංකු අණකර ද ගෙවා ඇති බවයි.
දේශිය රූපවාහිනී විකාශන අයිතිය පැවරීමේදී වැඩිම ලංසුව ඉදිරිපත් කළ සී.එස්.එන්. ආයතන මගහරිමින් ජාතික රූපවාහිනියට ලබාදීම පිළිබදව කළ විමසුමේදී සභාපතිවරයා මෙසේ පැවසීය.
”මෙහිදි මුදල් ප‍්‍රමාණය විතරක් නොවෙයි. තවත් දේවල් බැලූවා. අපි සී. එස්. එන්. ආයතනය ලබාදුන් කාලයේදී ඉල්ලපු දේවල් දුන්නේ නෑ. අපි ගිවිසුම් කාලයත් වසර තුනක් දක්වා වැඩි කළා. ඒ අනුව පසුගිය 4 වැනිදා දේශිය රූපවාහිනී විකාශන අයිතිය ජාතික රූපවාහිනියට දෙන්න තීරණය කලා”
”මෙහි මූල්‍ය පාඩුව රුපියල් මිලියන 35 ක් ඒක වසරකට ගත්තම මිලියන 15 ක්. දැන් කුෂිල් ගුණසේකර මහතා කිව්වා පාකිස්තානු සංචාරයෙන් රුපියල් මිලියන 25 ක් ඉතිරි කරන්න පුළුවන් කියලා”
”ජාතික රූපවාහිනියට පවරලා දින කීපයකට පසුව එම මුදල් එකවර දෙන්නන් කියලා දැනුම්දීලා තිබුණා. මෙවැනි ආයතනයක වැඩ එහෙම කරන්න බෑ. ඒවට ක‍්‍රමයක් තියෙනවා”
පාකිස්තානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචාරයක් පිළිබදව තම පාකිිස්තානු සංචාරයේදී කථා නොකළ බවත් එහිදී පාකිස්තානු බලධාරීන් ඔවුන්ගේ ආරක්‍ෂක වැඩසටහන සහ වෙනත් දේ පිළිබදව තමන් දැනුම්වත් කළ බවත් අතුරු සභාපතිවරයා පැවසීය.
මෙහිදී ‘අන්තර් පාලන කමිටු දැක්ම 15/15’ ලෙස කරුණු 15 කින් යුත් සැලැස්මක් වැනි දෙයක් ලබාදුන් අතර එහි අඩු පාඩු පිළිබ`දව විමසිය හැකි බව ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා පැවසීය.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඇතුරු කමිටු සාමාජිකයන් වන කුෂිල් ගුණසේකර සහ කපිල විජේගුණවර්ධන යන මහත්වරු ද සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.