
යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා නැමීබියාවට ගොස් සිටින ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම විසින් ඊයේ (11 වැනිදා) පැවැති පුහුණු තරගයකදී දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම පරාජය කරන ලදි.
නැමීබියාවේ අගනුවර වන වින්ඩ්හෝක් නුවරදී පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 48.2 කදී ලකුණු 225 කට දැවී ගියේය. වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් දකුණු අප්‍රිකානු ඉලක්කය ඕවර 34 කදී ලකුණු 176 ක් ලෙසින් සංශෝධනය කරන ලදි. එහෙත් දකුණු අප්‍රිකානුවෝ ඕවර 33.3 කදී ලකුණු 163 කට දැවී ගියහ. ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 12 ක ජයක් අත්විය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ දිමන්ත මහවිතාන (45) සහ විරාන් චමුදිත (87) එක්ව ඕවර 20 කදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඊළඟ පන්දුවේදී මහවිතාන දැවී ගිය නමුත් චමුදිත නොසැලී ඉදිරියට ගියේ ලකුණු 87 ක් ලබාගනිමිනි. චමුදිතගේ පන්දු 93 ඉනිම හතරේ පහර 8 කින් සමන්විත විය.
සෙනුජ වැකුණගොඩ, විමත් දින්සර සහ විරාන් චමුදිත තිදෙනාම ලකුණු 18 ක් ඇතුළත දැවී යාම හේතුවෙන් ලකුණු පුවරුව කඩුලු 4 ට 140 ක් ලෙසින් දිස්වූ නමුත් පන්දු 56 කින් ලකුණු 48 ක් ලබාගත් කවිජ ගමගේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 කඩඉමෙන් ඔබ්බට තල්ලු කළේය.
නායක මොහොමඩ් බුල් බුලියා බලවත් උත්සාහයක නිරත වූ නමුත් දකුණු අප්‍රිකානුවන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වේගය රඳවාගත නොහැකි විය. විරාන් චමුදිත කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් ද තමන්ගේ යුතුකම් කොටස මැනවින් ඉටුකරද්දී අනෙකුත් සියලුම පන්දු යවන්නෝ සාමූහිකව සාර්ථක ගමනක යෙදෙමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 163 කට සීමා කළහ.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 225 යි
(දිමන්ත මහවිතාන 45, විරාන් චමුදිත 87, කවිජ ගමගේ 48, චාමික හීනටිගල 14, ඩැනියෙල් බොස්මන් 35/3, බැන්ඩිල් මබාතා 10/2, පෝල් ජේම්ස් 09/2)
දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම - ඕවර 33.3 කදී සියලු දෙනා දැවී 163 යි
(ජෝරිච් වැන්’ෂෝල්වික් 16, අද්නාන් ලාගේඩියන් 20, මොහොමඩ් බුල්බුලියා 54, ලෙතාබෝ පාලාමොලාකා 30, විරාන් චමුදිත 31/2, මාතුලන් කුගදාස් 19/2, චාමික හීනටිගල 27/2)
- 213
samantha Monday, 12 January 2026 02:59 PM
මාතුලන් තමයි හොදටම කරලා තියෙන්නේ ඒත් ඔයාලගේ සක්කිලි ජාතිවාදී හන්දා වෙන කෙනෙක් ගේ නමක් කිව්වනේ...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.