Last Update  :  2025-10-30 19:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු යවන්නෝ දකුණු අප්‍රිකාව දිනවති

පන්දු යවන්නෝ දකුණු අප්‍රිකාව දිනවති

editorial - 2025 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දකුණු අප්‍රිකානු සහ පාකිස්තානය අතර පාකිස්ථානයේ රාවල්පිණ්ඩි නුවරදී පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 55 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ (28 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකානුවන්ට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 139 ක් පමණි. පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොහොමඩ් නවාස් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 36 ක් රැස්කළේය. 

විශ්ෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කෝබින් බොස්ච් ඕවර 4 ක් යවමින් කඩුලු 4 ක් දවාගත්තේ ඒ තුළ ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 14 කට සීමා කරමිනි. පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහාගී මාවත අවහිර කිරීම සඳහා කෝබින්ට අනගි සහායක් දුන් ජෝජ් ලින්ඩේ ලකුණු 31 කට කඩුලු 3 ක්ද, ලිසාඩ් විලියම්ස් ලකුණු 21 කට කඩුලු 2 ක්ද බිඳහෙළීමට සමත් වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 194 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු රීසා හෙන්ඩි්‍රක්ස් පන්දු 40 කින් ලකුණු 60 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. අවසන් ඕවර කිහිහපයේදී පන්දු 22 කට මුහුණදුන් ජෝජ් ලින්ඩේ පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 36 ක් රැස්කළේය. 


දකුණු අප්‍රිකාව ඕවර 20 කදී - කඩුලු 9 ක් දැවී 194 
(රීසා හෙන්ඩි්‍රක්ස් 60, ක්වින්ටින් ඩි’කොක් 23, ටොනි ඩි’සෝර්සි 33, ජෝජ් ලින්ඩේ 36, මොහොමඩ් නවාස් 26/3, සයිම් අයුබ් 31/2) 

පාකිස්තානය ඕවර 18.1 කදී - සියලු දෙනා දැවී 139 
(සහිබ්සාදා ෆර්හන් 24, සයිම් අයුබ් 37, මොහොමඩ් නවාස් 36, කෝබින් බොස්ච් 14/4, ජෝජ් ලින්ඩේ 31/3, ලිසාඩ් විලියම්ස් 21/2) 

-036 


අදහස් (0)

පන්දු යවන්නෝ දකුණු අප්‍රිකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.