
නාමල් පතිරගේ
සිංගල් ට්‍රී එවන්ට් ආයතනය විසින් සංවිධානය කරන නෙස්ටමෝල්ට් - ශ්‍රී ලංකා මාර්ග ධාවන තරග මාලාවේ අදියර - 1 තරගාවලිය පෙබරවාරි 1 වැනිදා පෙරවරු 6 ට ගාල්ල නගරයේදී පැවැත්වේ.
මෙම ධාවන තරගාවලියට පුහුණු හැකියාවක් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් නොව විනෝදයට සභභාගි වන්නන්ටද විවෘත වන බව තරග සංවිධායකයෝ පවසති.
කිලෝමීටර 21.1 ක් දුරැති සුපිරි, කිලෝමීටර 10 ක් දුරැති අභියෝගතා, කිලෝමීටර පහක් දුරැති විනෝදයට සහභාගි වන්නන් සදහා හා කිලෝමීටර දෙකක් දුරැති පවුලේ සියලු දෙනාට විවෘත යන පරිදි ධාවන ඉසව් හතරක් ඊට ඇතුළත් වෙයි.
මෙහි අරමුදල් දිට්වා සුළි කුනාටු හානී පුනුරුත්ථාපන රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට පරිත්‍යාග කෙරෙන බව තරග සංවිධායකයෝ පවසති.නෙස්ලේ ලංකා සමාගම නෙස්ටමෝල්ට් සන්නාමය යටතේ මෙම තරග මාලාවට අනුග්‍රාහය දක්වයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.