නාමල් පතිරගේ
මෙම වසරට යෙදෙන 15 වැනි දකුණු ආසියානු (සාෆ්) ශූරතා පාපන්දු තරගාවලිය ලබන සැප්තැම්බර් 21 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වීමට තායිලන්තයේ බැංකොක් නුවරට පෙරේදා (26) රැස්වූ දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභාව තීරණය කළේය.
පසුගිය වසරේදී (2025) පැවැත්වීමට නියමිතව තිබියදී තරගාවලිය කල් දැමීමට සිදු විය. කලාපයේ රටවල් හතේම කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය.
බැංකොක් සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා සහභාගි විය.තරගාවලියට ශ්‍රී ලංකාව සූදනම් කිරීම ලබන මාර්තු මාසයේදී ආරම්භ කරන බව ඔහු පවසයි. මූලික වටය රටවල් හත කාණ්ඩ දෙකකට බෙදා ලීග් ක්‍රමයටත් අවසන් වටය පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයටත් පැවැත්වේ. අවසන් පූර්ව හා අවසන් මහ තරග ඔක්තෝබර් 5 හා 6 යන දිනවලදී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාව 1995 දී කොළඹදී පැවැති දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ජය ගැනීමෙන් පසුව මේ දක්වා නැවැත කුසලාන දිනා ගැනීමට සමත්ව නැත. ඒ අනුව වසර 30 කට පසුව අවම අවසන් මහ තරගයට පිවිසීම සදහා වන උපාය මාර්ග සැකසීම මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට පැවරෙන වගකීම වන බව ජස්වර් උමාර් මහතා පවසයි.
1993 දී ආරම්භ කළ දකුණු ආසියානු පාපන්දු තරගවලිය ගියවරද (2023) ඇතුළුව වැඩිම වාර ගණනක් (නව වාරයක්) දිනා ගැනීමට ඉන්දියාව සමත්ව සිටියි.එයින් පසුව ශ්‍රී ලංකාවේ එහි හොදම දක්ෂතාව අවසන් වරටත 2015 - නවදිල්ලි තරගාවලියේදී අවසන් පූර්ව වටයට ප්‍රවේශවීමෙන් වාර්තා විය.එහිදී ඇෆ්ගනිස්තානයට ගෝල 5 - 0 ක පරාජයෙන් ශ්‍රී ලංකාවේ එහි අවසන් මහ තරගයේ අවස්ථාව ගිළිහී ගියේය.
බැංකොක් නුවර පැවැති විධායක සභා රැස්වීමේදී ගත් තීරණයන්ට අනුව දකුණු ආසියානු වයස 20 න් පහළ (පිරිමි) තරගාවලිය ලබන මාර්තු 23 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා මාලේ නුවරදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.