Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය ලකුණු 128 ක් ඉදිරියෙන්
නොටිංහැම් ටෙස්ට් තරගය

නවසීලන්තය ලකුණු 128 ක් ඉදිරියෙන්

editorial - 2022 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත පිලේ අවසන් කඩුලු 5 ම ලකුණු 23 ක් තුළදී බිම දමාගත් නවසීලන්ත ක්‍රීඩකයෝ නොටිංහැම් ටෙස්ට් තරගයේ සිව්වැනි දින තේ පානය වන විට ලකුණු 128 ක වාසියක් අත්කරගෙන සිටියහ. එංගලන්ත පසුපෙළ පිතිකරුවන් ඉක්මනින් ක්‍රීඩාගාරයට යැවූ ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 106 කට කඩුලු 5 ක් දවාගත්තේය.

ජෝ රූට් (176) සහ ඔලී පෝප් (145) දෙදෙනාගේ විශිෂ්ට පිතිහරඹයට ස්තුති වන්නට, වරෙක කඩුලු 5 ක් දැවී ලකුණු 516 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම, ටේ‍රන්ට් බෝල්ට්ගේ පන්දු යැවීම හමුවේ ලකුණු 539 කට දැවී ගියේය. මුල් ඉනිමේදී ලකුණු 14 ක වාසියක් හිමිකරගෙන සිටි සංචාරක නවසීලන්ත ක්‍රීඩකයෝ, තරගයේ සිව්වැනි දිනය වන අද (13 වැනිදා) තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 කට ලකුණු 114 ක් ලබා සිටියේය.

ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවක් නිසි පරිදි වටහා නොගැනීම හේතුවෙන් එය නිදැල්ලේ යාමට දුන් ටොම් ලේතම්, ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නාගේ 650 වැනි ටෙස්ට් කඩුල්ල බවට පත්විය.

ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් අතර මුත්තයියා මුරලිදරන් (800 යි සහ ෂේන් වෝන් (708 යි) දෙදෙනාට පමණක් පසුපසින් සිටින ඇන්ඩසන්, ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් වේග පන්දු යවන්නා වෙයි.

ටොම් ලේතම් වේලාසනින් දැවී ගිය නමුත්, ශතක සම්බන්ධතාවක් පැවැත්වූ විල් යංග් සහ ඩෙවොන් කොන්වේ නවසීලන්ත දෙවැනි ඉනිම පිළිසකර කළහ.


නවසීලන්තය - පළමු ඉනිම 553
එංගලන්තය - පළමු ඉනිම 539

(ඇලෙක්ස් ලීස් 67, ඔලී පෝප් 145, ජෝ රූට් 176, බෙන් ස්ටෝක්ස් 46, බෙන් ෆෝක්ස් 56, ටේ‍රන්ට් බෝල්ට් 106/5, මයිකල් බ්‍රේස්වෙල් 62/3)
නවසීලන්තය - කඩුලු 2 ට 114
(විල් යංග් 56, ඩෙවොන් කොන්වේ 52)

- 213

 


අදහස් (0)

නවසීලන්තය ලකුණු 128 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.