Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නඩාල් අවසන් පූර්ව වටයට එයි

නඩාල් අවසන් පූර්ව වටයට එයි

රොෂාන් ගුණරත්න - 2019 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පසුගිය කාලය පුර ප්‍රියතම ප්‍රතිවාදින් බවට පත්ව සිටි රොජර් ෆෙඩරර් තරගාවලියෙන් ඉවතට විසිවෙද්දී නොවැක් ජොකෝවික් වෙනත් ප්‍රතිවාදීන් සමග තරග කළේය. මෙවර ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අලුත්ම ප්‍රතිවාදීන් සමග තරග වැදීමට සිදුවූ ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායෙල් නඩාල් අද මෙල්බර්න් නුවර රොඞ් ලීවර් පිටියේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අමෙරිකාවේ යොවුන් ක්‍රීඩක ෆ්‍රැන්සස් ටියාෆොයි ලකුණු 6-3 ක්, 6-4 ක් සහ 6-2 ක් ලෙස පරාජය කරමිනි. 

පැයකුත්, මිනිත්තු 47 ක් ගත වූ මේ තරගයේදී අවස්ථා කිහිපයකදීම නඩාල්ගේ ඉවසීම පරීක්ෂා කිරීමට ගිය කෝඩුකාර අමෙරිකානුවා තලා පෙලා දැමූ නඩාල් තරගය ජයගත්තේ ඉතා පහසුවෙනි. අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වන නඩාල් අන්තර්ජාතික ටෙනිස් පිටියේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන පසුවෙයි. 

ඔහු දැන් අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතව ඇත්තේ ග්‍රීසියේ ස්ටෙෆානෝස් සිට්සිපාස් සමගය. 

මේ අතර වසර 2016 සිය නිවස තුළදී පිහි ඇනුමකට මුහුණ පෑමෙන්  පසුව පළමු වතාවට ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලැබීමට චෙක් රාජ්‍යයේ පෙට්රා ක්විටෝවා අද සමත්වූවාය.  28 හැවිරිදි මේ ක්‍රීඩිකාව ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අද පැවැති කාන්තා අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඕස්ටේ්‍රලියාවේ ඈෂ්ලියා බර්ටි ලකුණු 6-1 ක් සහ 6-4 ක් ලෙස පරාජය කරමින් මේ අවස්ථාව උදා කර ගත්තාය. 

 


අදහස් (0)

නඩාල් අවසන් පූර්ව වටයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.