Last Update  :  2025-05-14 17:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නජ්මුල්ගේ ශතකයෙන් බංග්ලාදේශය ඉදිරියට
ශිලාත් ටෙස්ට් තරගය

නජ්මුල්ගේ ශතකයෙන් බංග්ලාදේශය ඉදිරියට

editorial - 2023 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (30 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 212 ක් ලබා සිටියේය. 

දෙවැනි දිනය නිමාවට පත්වන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7 ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 205 ක් ඉදිරියෙන් සිටි අතර ඒ වන විට නජ්මුල් හොසේන් හතරේ පහර 10 ක් සමග ලකුණු 104 ක්ද, මුෂ්ෆිකුර් රහීම් හතරේ පහර 5 ක් සමග ලකුණු 43 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

මොමිනුල් හක් (40) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක් එක්කළ නජ්මුල්, ඉන් නොනැවතී මුෂ්ෆිකුර් රහීම් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

දෙවැනි දිනය වූ ඊයේ (29 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 266 ක් ලබා සිටි නවසීලන්තය අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 51 ක් එක්කර ගත්තේය. එහිදී නායක ටිම් සවුති හතරේ පහර 3 ක් සමග ලකුණු 35 ක් රැස්කරමින් සිය කණ්ඩායම, බංග්ලාදේශය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවෙන් ඔබ්බට ගෙන ගියේය. 

බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 310 
(මහමදුල් හසන් 86, නජ්මුල් හොසේන් 37, මොමිනුල් හක් 37, ශහදත් හසන් 24, මෙහෙදි හසන් 20, නුරුල් හසන් 29, ග්ලේන් පිලිප්ස් 53/4, කයිල් ජැමීසන් 52/2, අජාස් පටේල් 76/2) 

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 317
(ටොම් ලේතම් 21, කේන් විලියම්සන් 104, ඩැරිල් මිචෙල් 41, ග්ලේන් පිලිප්ස් 42, කයිල් ජැමීසන් 23, ටිම් සවුති 35, තයිජුල් ඉස්ලාම් 109/4, මොමිනුල් හක් 04/3) 

බංග්ලාදේශ දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 212 
(නජ්මුල් හොසේන් නොදැවී 104, මොමිනුල් හක් 40, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 43) 

-036


අදහස් (0)

නජ්මුල්ගේ ශතකයෙන් බංග්ලාදේශය ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.