Last Update  :  2025-10-24 20:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනුෂ්ක එයි - ෂෙහාන් යයි

ධනුෂ්ක එයි - ෂෙහාන් යයි

රොෂාන් ගුණරත්න - 2018 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායිහිදී අනිද්දා (15) ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලිය අහිමිවී තිබේ.

ධනුෂ්ක හෙට (14) පෙරවරුවේ නැවත ශ්‍රී ලංකාව බලා පිටත්ව ඒමට නියමිත අතර ෂෙහාන් ජයසූරිය සංචිතයට එකතු වීමට නියමිතය.  

ධනුෂ්ක ඊයේ (12) රාත්‍රී පැවැති පුහුණු සැසියේ පන්දු රැකීමේ පුහුණුවීම්වලදී කොන්දේ ආබාධයට ලක්ව ඇති බව දැනගන්නට තිබේ. ධනුෂ්ක මීට පෙර ද කොන්දේ ආබාධයකට ලක්ව සිටි බව වාර්තා වේ.

ධනුෂ්ක යථා තත්ත්වයට පත්වීමට සති කීපයක් විවේක ගතයුතු බවට වෛද්‍ය නිර්දේශ ලැබීම නිසා ඔහුට නැවත ශ්‍රී ලංකාවට ඒමට සිදුවිය. 

ධනුෂ්ක මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 33 කදී ලකුණු 957 ක් රැස්කර තිබේ. 27 හැවිරිදි ධනුෂ්ක ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමගින් 30.87 ක සාමාන්‍යයක් රදවාගෙන තිබේ.  

මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් ද ආබාධයකට ලක්වීම නිසා ඉවත්වීමට සිදුවූ අතර එම ස්ථානයට නිරෝෂන් දික්වැල්ල කැඳවීය. 

ශ්‍රී ලංකා පිල අද (13) රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ දෙවැනි පුහුණු සැසියට සහභාගි වීමට නියමිතව ඇත. එම පුහුණු සැසියට පන්දු යවන්නන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පුහුණු සැසියක් බව ද වාර්තා විය. 

ශ්‍රී ලංකා පිල පෙරේදා ඩුබායි නුවරට පැමිණි අතර එදින රාත්‍රී පළමු පුහුණු සැසියට සහභාගි විය. 

මෙම තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අනිද්දා (15) පැවැත්වේ. 

 


අදහස් (0)

ධනුෂ්ක එයි - ෂෙහාන් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.