Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිමුත් වසරේ ටෙස්ට් පිලට එක්වෙයි

දිමුත් වසරේ ටෙස්ට් පිලට එක්වෙයි

ශනුක අරවින්ද - 2019 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිය වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයට සමගාමීව නම් කරනු ලබන ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමිකරගැනීමට දිමුත් කරුණාරත්න සමත් වී තිබේ. හුදෙක් ක්‍රීඩකයන්ගේ දස්කම් ඇගයීම උදෙසාම නම්කරනු ලබන මෙම කණ්ඩායම තරගයක් සඳහා සහභාගි නොවේ.

ඉන්දීය නායක විරාට් කෝලි කණ්ඩායමේ වසරේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් දෙකේම නායකයා ලෙස පත්කර ඇති අතර දිමුත් කරුණාරත්න සහ නවසීලන්තයේ ටොම් ලේතම් ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෝ වෙති.

ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායම වන ඉන්දීය පිලේ ක්‍රීඩකයෝ තිදෙනෙක් වසරේ ටෙස්ට් පිලට එක්ව සිටිති. එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිසිවකු ඇතුළක්ව නැත.

 

වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම -
ටොම් ලේතම් (නවසීලන්තය), දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව), කේන් විලියම්සන් (නවසීලන්තය), විරාට් කෝලි (ඉන්දියාව) - නායක, හෙන්රි නිකෝල්ස් (නවසීලන්තය), රිෂාබ් පාන්ට් (ඉන්දියාව), ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්), කගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව), නේදන් ලයන් (ඕස්ටේ්‍රලියාව), ජස්ප්‍රීට් බුම්රා (ඉන්දියාව) සහ මොහොමඞ් අබ්බාස් (පාකිස්තානය)

වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායම -
රෝහිත් ශර්මා (ඉන්දියාව), ජොනී බෙයාස්ට්‍රෝ (එංගලන්තය), විරාට් කෝලි (ඉන්දියාව) - නායක, ජෝ රූට් (එංගලන්තය), රොස් ටේලර් (නවසීලන්තය), ජොස් බට්ලර් (එංගලන්තය), බෙන් ස්ටෝක්ස් (එංගලන්තය), මුස්තෆිසුර් රෙහෙමාන් (බංග්ලාදේශය), රෂීඞ් ඛාන් (ඇෆ්ගනිස්තානය), කුල්දීප් යාදව් (ඉන්දියාව) සහ ජස්ප්‍රීට් බුම්රා (ඉන්දියාව)
 
-036


අදහස් (0)

දිමුත් වසරේ ටෙස්ට් පිලට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.