Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි අදියරේ ජය නාවික හමුදාවේ ප්‍රභාෂ්ට

දෙවැනි අදියරේ ජය නාවික හමුදාවේ ප්‍රභාෂ්ට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව සංවිධානය කරන 20 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ කිලෝමීටර 146.6 ක දුරකින් සමන්විත වූ දෙවැනි අදියර ජයගැනීමට නාවික හමුදාවේ ප්‍රභාෂ් මධුෂංක සමත් විය.

අද (2 වැනිදා) පෙරවරු 8.30 ට මහනුවර නගරයේ ගැටඹේ පන්සල ඉදිරියෙන් ආරම්භ වී අනුරාධපුර නගරයේ ඬේවිඞ් පීරිස් ආයතනය අසලින් නිමාවට පත්වූ එම අදියර අවසන් කිරීම සඳහා ප්‍රභාෂ්ට ගත වූ කාලය පැය 3 යි, විනාඩි 25 යි, තත්පර 31 කි.

ප්‍රභාෂ් සමග එක පොකුරේ පැමිණි ක්‍රීඩකයන් 9 දෙනාම එකම තරග නිමි කාලයකට හිමිකම් කියමින් එකවර තරගය නිමා කළහ. එහිදී ගුවන් හමුදාවේ මධුෂංක ප්‍රනාන්දු සහ සූපර් වීලර් ක්‍රීඩා සමාජයේ චාමික සඳුන් කුමාර පිළිවෙලින් දෙවැනි අදියරේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් වූහ.

මේ වන විට සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට පළමු අදියර ජයගත් දෙහිවල ගල්කිස්ස මහ නරග  සභාවේ සුරංග රණවීර සමත්ව සිටින අතර මුල් අදියර දෙක නිමා කිරීම සඳහා ඔහුට ගතවී ඇති මුලු කාලය පැය 6 යි, විනාඩියයි, තත්පර 23 කි.

දෙවැනි අදියර නිමා කළේ 34 වැනියා ලෙස වුවත්, පළමු අදියරේදී සෙසු තරගකරුවන්ට වඩා විනාඩි තුනක් පමණ වේලාසනින් තරගය නිමාකිරීම හේතුවෙන් සුරංගට සමස්ත තරගයේ පෙරමුණ හිමිවී තීබේ. ඒ අනුව තෙවැනි අදියරේදීද ඔහු කහ පැහැති බැනියම පැළැඳ තරග වදිනු ඇත.

තරගයේ වේගවත්ම ක්‍රීඩකයාට හිමිවන කොළ පැහැති බැනියම නාවික හමුදාවේ පසිඳු ලක්ෂාන්ට හිමිවී ඇති අතර දෙවැනි අදියර ජයගත් නාවික හමුදාවේ ප්‍රභාෂ් මධුෂංක වයස 23 න් පහළ ක්‍රීඩකයන් අතර පෙරමුණේ පසුවෙයි.

හෙට (3 වැනිදා) තරගයේ අවසන් අදියර පැවැත්වෙන අතර එහිදී තරගකරුවන්ට අනුරාධපුර නගරයේ සිට පොලොන්නරුව නගරය දක්වා කිලෝ මීටර 126.8 ක දුරක් ගමන් කිරීමට සිදුවනු ඇත. කිලෝ මීටර් 64.8 ක දුරකින් සමන්විත කාන්තා තරගයද හෙට දඹුල්ල නගරයේ සිට පොලොන්නරුව නගරය දක්වා පැවැත්වේ.


දෙවැනි අදියරේ තරග ප්‍රතිඵල

1 ප්‍රභාෂ් මධුෂංක (නාවික හමුදාව) - පැය 3:25:31
2 මධුෂංක ප්‍රනාන්දු (ගුවන් හමුදාව) - පැය 3:25:31
3 චාමික සඳුන් කුමාර (සූපර් වීලර් ක්‍රීඩා සමාජය) - පැය 3:25:31
4 පසිඳු ලක්ෂාන් (නාවික හමුදාව) - පැය 3:25:31
5 සංජු දීමන්ත (ගුවන් හමුදාව) - පැය 3:25:31
6 බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව) - පැය 3:25:31
7 උපුල් ලෝකුගේ (පොලිසිය) - පැය 3:25:31
8 නලින්ද අමිල කුමාර (නාවික හමුදාව) - පැය 3:25:31
9 දර්ෂන ප්‍රසාද් (නාවික හමුදාව) - පැය 3:25:31
10 ඬේන් නුගේරා (ගුවන් හමුදාව) - පැය 3:25:51

 

ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය ඒකකය අනුග්‍රහයෙනි

 


අදහස් (0)

දෙවැනි අදියරේ ජය නාවික හමුදාවේ ප්‍රභාෂ්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.