Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
දසුන් ශානකගේ වේගවත් පිතිහරඹය (62) සහ පන්දු යැවීම (07/2) හමුවේ අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයත් ජය ගැනීමට එස්.එස්.සී පිල සමත්විය. ගුවන් හමුදා පිලට එරෙහිව සී.සී.සී ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 40 ක ජයක් එස්.එස්.සී පිලට හිමිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය ගුවන් හමුදා පිලට නියමිත ඕවර 16 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 119 ක් පමණි. මොවින් සුබසිංහ වේගවත් පිතිහරඹයක නිරත වුවද පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වන විට පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් ලබාසිටියේය. සාහිල් ඩයස් ලකුණු 25 ක් ලබාගත්තේය.
පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයකට ලක්වූ කවිඳු නදීශාන් සිය ඕවර 3 අවසානයේ ලකුණු 41 කට කඩුලු 3 ක් දවාගත්තේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක දසුන් ශානක ඕවර 2 ක් යවමින් ලකුණු 7 කට කඩුලු 2 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී පිල නියමිත ඕවර 16 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 159 ක් ලබාගැනීමට සමත්විය. උදෑසන ඇති වූ වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 16 කට සීමාවිය.
වේගවත් පිතිහරඹයක නිරත වූ දසුන් ශානක පන්දු 27 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 62 ක් ලබාගනිමින් එස්.එස්.සී පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය. ක්‍රිෂාන් සංජුල පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 34 ක් සහ ශෙවෝන් ඩැනියල් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 35 ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක වූහ.
තවත් තරග 5 ක් ක්‍රීඩාංගණ 3 කදී පැවැති අතර එහිදී බ්ලූම්ෆීල්ඞ් පිලට එරෙහිව යුදහමුදා පිලත්, කළුතර නාගරික පිලට එරෙහිව මූවර්ස් පිලත්, කුරුණෑගල යොවුන් පිලට එරෙහිව ගාල්ල පිලත්, සී.සී.සී පිලට එරෙහිව බදුරලිය පිලත්, සැරසන්ස් පිලට එරෙහිව ඒස් කැපිටල් පිලත් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.
පසිඳු බණ්ඩාර (මූවර්ස්), රවිජ සඳරුවන් (බදුරලිය) සහ ලසිත් අබේරත්න (සී.සී.සී) අර්ධ ශතක ලබාගනිමින් අද දිනයේදී පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.
යුදහමුදා පිලට එරෙහිව බ්ලූම්ෆීල්ඞ් පිලේ කවිඳු රිද්මාල් සහ සැරසන්ස් පිලට එරෙහිව ඒස් කැපිටල් පිලේ තනුක දාබරේ කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
එස්.එස්.සී පිලට ලකුණු 40 ක ජයක්
ගුවන් හමුදාව සහ එස්.එස්.සී කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී - ඕවර 16 කදී කඩුලු 5 ක් දැවී 159
(ක්‍රිෂාන් සංජුල 34, ශෙවෝන් ඩැනියල් 35, දසුන් ශානක 62)
ගුවන් හමුදාව - ඕවර 16 කදී කඩුලු 7 ක් දැවී 119
(සාහිල් ඩයස් 25, මොවින් සුබසිංහ 33, කවිඳු නදීශාන් 41/3, දසුන් ශානක 7/2)
---------------------------------------------------------------------------------------------
යුදහමුදා පිලට ලකුණු 46 ක ජයක්
බ්ලූම්ෆීල්ඞ් සහ යුදහමුදා කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව - ඕවර 19 කදී සියලුදෙනා දැවී 154
(අෂාන් රන්දික 25, ලක්ෂාන් එදිරිසිංහ 33, අසේල ගුණරත්න 22, හිමාෂ ලියනගේ 30, කවිඳු රිද්මාල් 31/4, චානක කොමසාරූ 29/2, මාධව වර්ණපුර 36/2)
බ්ලූම්ෆීල්ඞ් - ඕවර 19 කදී කඩුලු 9 ක් දැවී 108
(යොහාන් චානුක 25, ළහිරු මදුශංක 31, අසේල ගුණරත්න 18/3, ලක්ෂාන් ගමගේ 12/2, මහීෂ් තීක්‍ෂණ 24/2)
---------------------------------------------------------------------------------------------
මූවර්ස් පිලට ලකුණු 8 ක ජයක්
කළුතර නාගරික සහ මූවර්ස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
මූවර්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 125
(පසිඳු සූරියබණ්ඩාර 58, ඉන්ෂක සිරිවර්ධන 17/3, ටාෂික් පෙරේරා 28/3)
කළුතර නාගරික - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 117
(දමිඳු අශාන් 19, තිලංග උදේෂන 16/2, අයන සිරිවර්ධන 16/2, සඳකැන් පතිරණ 17/2)
---------------------------------------------------------------------------------------------
ගාල්ල පිලට ලකුණු 40 ක ජයක්
කුරුණෑගල යොවුන් සහ ගාල්ල කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
ගාල්ල පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 107
(තරිඳු අමරසිංහ 26, ළහිරු ජයරත්න 15/2, දිනන්ජය ප්‍රේමරත්න 18/2, නිලන්ක ප්‍රේමරත්න 30/2)
කුරුණෑගල යොවුන් - ඕවර 16.2 කදී සියලුදෙනා දැවී 67
(සඳුන් මදුශංක 07/3, රවිශ්ක විජේසිරි 26/3, චතුර ලක්ෂාන් 06/2)
---------------------------------------------------------------------------------------------
බදුරලිය පිලට ලකුණු 11 ක ජයක් (ඩක්වත් ලුවිස්)
සී.සී.සී සහ බදුරලිය කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
බදුරලිය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 154
(රවිජ සඳරුවන් 54, දුනිත් ජයතුංග 21, ගිහාන් රූපසිංහ 52, නුවන් තුෂාර 32/3)
සී.සී.සී - ඕවර 17.2 කදී කඩුලු 7 ක් දැවී 121
(ලසිත් අබේරත්න නොදැවී 62, පවන් පතිරාජ 33, සෙනාල් ද සිල්වා 22/2, චතුර රන්දුණු 25/2)
---------------------------------------------------------------------------------------------
ඒස් කැපිටල් පිලට කඩුලු 8 ක ජයක්
ඒස් කැපිටල් සහ සැරසන්ස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
සැරසන්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 105
(සිතාර ගිම්හාන් 21, තනුක දාබරේ 15/4, අශාන් දිල්හාර 20/2)
ඒස් කැපිටල් - ඕවර 16.2 කදී කඩුලු 2 ක් දැවී 107
(ශෙහාන් ප්‍රනාන්දු 31, හර්ෂ කුරේ නොදැවී 30, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 25)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.