
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි විස්සයි-20 අන්තර්ජාතික තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි. රාත්‍රී 7.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ තරගය ආරම්භ කිරීම සඳහා වර්ෂාව පායන තුරු රාත්‍රී 8.30 දක්වා බලා සිටි නමුත් වර්ෂාව එන්න එන්නම වැඩිවීම හේතුවෙන් රාත්‍රී 8.35 ට තරගය අතහැර දැමීමට තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා සහ විනිසුරුවරු තීරණය කළහ.
විස්සයි-20 තරගයක් ලෙසින් පිළිගැනීමට නම් අවම වශයෙන් ඕවර 5 ක තරගයක් හෝ විය යුතු වූ නමුත් ඕවර 5 තරගයක් සඳහා රාත්‍රී 10.15 ට තරගය ආරම්භ කළ යුතුව තිබිණ. ඒ සඳහා ක්‍රීඩාංගණය සූදානම් කරගැනීමට නම් රාත්‍රී 9.15 ට වත් වර්ෂාව නතර විය යුතුව තිබුණද රාත්‍රී 9.00 වන තුරුත් දිගින් දිගටම වර්ෂාව පැවතිණ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 3 කින් යුත් විස්සයි-20 තරගාවලියේ පළමු තරගය ජයගත් පාකිස්තානු කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.
-213
ඡායාරූපය - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.