Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් විය. මෙම තරගයෙන් ජය ලැබුවද, තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට දඹුල්ල කණ්ඩායමට නොහැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල ක්‍රීඩකයෝ ඕවර 14.2 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 52 ක් රැස්කළ මැතිව් ෆෝඩ් දඹුල්ල ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.
ආරම්භක පිතිකරු ජෝඩාන් කොක්ස් (32) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 79 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ෆෝඩ් සමත් වූ අතර පන්දු 21 කදී වාර්තා වූ කොක්ස්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. නායක සිකන්දර් රසා පන්දු 7 කින් ලකුණු 17 ක් රැස්කළේ හයේ පහර 2 ක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමට මැතිව් ෆෝඩ් ප්‍රමුඛ දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 129 ක් පමණි. එහිදී සිය ඕවර 4 ලකුණු 11 කට සීමා කළ ෆෝඩ් කඩුලු 4 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් නුවනිඳු ප්‍රනාන්දු පන්දු 42 කින් නොදැවී ලකුණු 63 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. නායක කුසල් මෙන්ඩිස් පන්දු 15 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක් ලබා සිටියදී මැතිව් ෆෝඩ්ගේ පන්දුවක් හමුවේ සිකන්දර් රාසා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
ගාල්ල ග්ලැඩියේටර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 129
(කුසල් මෙන්ඩිස් 17, අසාම් ඛාන් 15, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 63, මැතිව් ෆෝඩ් 11/4)
දඹුල්ල අවුරා පිල - ඕවර 14.2 කදී කඩුලු 6 කට 134
(ජෝඩාන් කොක්ස් 34, මැතිව් ෆෝඩ් 52, සිකන්දර් රාසා 17, ඉමාඩ් වසීම් 32/2, නුවන් තුෂාර 42/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.