Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන දකුණු අප්‍රිකානු සංචිතය අද (18 වැනිදා) ප්‍රකාශයට පත් කළේය. දකුණු අප්‍රිකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන 35 හැවිරිදි ඬේල් ස්ටේන් ලෝක කුසලාන කණ්ඩායමට තෝරාගනු ලැබ සිටින අතර ෆෆ් ඩු‘ප්ලේසීට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පවරා තිබේ.
මේ වනවිට ආබාධයකට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක ඇන්රිච් නෝජේ ලෝක කුසලාන සංචිතයට නම්කර ඇති නමුත් තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මල්ඩර්ට සංචිතයේ ස්ථානයක් හිමිනොවීය.
තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස ඇන්ඩිල් පෙලුක්වායෝ සහ ඞ්වේන් ප්‍රිටෝරියස්ද 15 දෙනෙකුගෙන් සමන්විත ලෝක කුසලාන සංචිතයට තෝරාගෙන ඇති අතර ජේෂ්ඨ ක්‍රීඩක හසීම් අම්ලා සිය ස්ථානය රැකගැනීමට සමත්විය.
වේගපන්දු බලඇණිය ශක්තිමත් කරමින් කගිසෝ රබාඩා, ඬේල් ස්ටේන් නම්කර ඇති අතර ආබාධයකට ලක්ව මේ වනවිට සුවය ලබමින් සිටින ලුන්ගි න්ගිඩිද සංචිතයට තෝරා ගැනීමට තේරිම් කමිටුව පියවර ගත්තේය. ඉම්රාන් තහීර් සහ තබ්‍රේස් ශම්සි ප්‍රධාන දඟපන්දු යවන්නන් ලෙස එක්වන අතර ජේ.පී.ඩුමිනි අතිරේක දඟපන්දු යවන්නකු ලෙස දඟපන්දු බලඇණිය ශක්තිමත් කරයි.
2015 ලෝක කුසලාන සංචිතයට නම්කර සිටි ෆෆ් ඩු‘ප්ලේසී, ජේ.පී.ඩුමිනි, ඬේවිඞ් මිලර්, ඬේල් ස්ටේන්, ඉම්රාන් තහීර්, ක්වින්ටින් ඩි‘කොක් සහ හසීම් අම්ලා මෙවර සංචිතයටද නම්කර ඇති අතර කයිල් ඇබට්, ෆර්හාන් බෙහර්ඩීන්, වේන් පානෙල්, ඒරන් ෆැන්ගිසෝ, වර්නන් ෆිලැන්ඩර් සහ රිලී රොසොව් යන ක්‍රීඩකයින්ට සිය ස්ථාන අහිමි වී තිබේ.
ඇන්ඩිල් පෙලුක්වායෝ, කගීසෝ රබාඩා, ඞ්වේන් ප්‍රිටෝරියස්, ඇන්රිච් නෝජේ, ලුන්ගි න්ගිඩි, ඒඞ්න් මාක්‍රම්, රාසී වැන්ඩර් ඩසන්, තබ්‍රේස් ශම්සි මෙවර සංචිතයට එක්කර ගැනීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් මැයි 30 වැනිදා එංගලන්තයට එරෙහිව ලන්ඩන් නුවර කෙනිංග්ටන් ඕවල්හිදී දකුණු අප්‍රිකාව පළමු තරගයට මුහුණදීමට නියමිතව ඇත.
දකුණු අප්‍රිකානු සංචිතය
ෆෆ් ඩු‘ප්ලේසීස් (නායක), ජේ.පී.ඩුමිනි, ඬේවිඞ් මිලර්, ඬේල් ස්ටේන්, ඇන්ඩිල් පෙලුක්වායෝ, ඉම්රාන් තහීර්, කගීසෝ රබාඩා, ඞ්වයින් ප්‍රෙටෝරියස්, කුයින්ටන් ඩි‘කොක්, ඇන්රිච් නෝට්ජේ, ලුන්ගි න්ගිඩි, ඒඞ්න් මාක්‍රම්, රාසී වැන්ඩර් ඩසන්, හසීම් අම්ලා, තබ්‍රේස් ශම්සි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.