Last Update  :  2025-10-24 20:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තිසර ඇෆ්ඝනිස්තානු ප්‍රීමියර් ලීග් තරගාවලියට

තිසර ඇෆ්ඝනිස්තානු ප්‍රීමියර් ලීග් තරගාවලියට

ශනුක අරවින්ද - 2018 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔක්තොබර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත ඇෆ්ඝනිස්තානු ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ‘පක්තියා’ කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී  තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට හිමිව තිබේ. එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබෙන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ ඔහුය.

පක්තියා කණ්ඩායමේ කළමනාකාරීත්වය එම තරගාවලියේදී තිසරගේ සේවය ලබාගැනීම සඳහා ඔහුට ගෙවනු ලබන මුදල ඇමරිකානු ඩොලර් 75,000 ක් වන අතර එය ආසන්න වශයෙන් රුපියල් එක් කෝටි විසිඑක් ලක්ෂ පනස්දහසක් පමණ වේ.

පාකිස්තානයේ සහීඞ් අෆ්රිඩි (ඇමරිකානු ඩොලර් 100,000) සහ ෆාහීම් අෂ්රෆ් (ඇ.ඩො. 30,000), දකුණු අප්‍රිකාවේ කැමරන් ඩෙල්පොට් (ඇ.ඩො. 60,000), එංගලන්තයේ ක්‍රිස් ජෝර්ඞ්න් (ඇ.ඩො. 30,000) සහ ලුක් රයිට් (ඇ.ඩො. 30,000), ස්කොට්ලන්තයේ කැලම් මැක්ලියොඞ් (ඇ.ඩො. 15,000) පක්තියා කණ්ඩායමේ සෙසු විදෙස් ක්‍රීඩකයෝ ලෙස කටයුතු කරති.

පළමු වරට පැවැත්වෙන ඇෆ්ඝනිස්තාන ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී පක්තියා, කාබුල්, බල්කා, නන්ගර්හාර් සහ කන්ධාර් යන කණ්ඩායම් 5 තරග වදිති. ඊට ලොව පුරා ක්‍රීඩකයන් රැසක් සහභාගි වීමට නියමිතය.

-036


අදහස් (0)

තිසර ඇෆ්ඝනිස්තානු ප්‍රීමියර් ලීග් තරගාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.