අන්තර්ජාතික ටෙනිස් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරිම් අතරේ නොම්මර එකේ ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකෝවික් ඕස්ටේ්‍රලියානු විවෘත තරගාවලියේ අවසන් පූර්ව වටයට එක්වූයේ ජපානයේ කයි නිෂිකෝරි සමග තරගය පවතිද්දී නිෂිකෝරි පාදයේ ආබාධයකට ලක්වීමෙනි.
විශිෂ්ඨ ජයග්‍රහණයකින් මෙවර ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට යාමට බලාපොරොත්තු වූවත් අර්ධ අවසන් පූර්ව තරගයේ දෙවැනි වටය වනවිට ලකුණු 6-1 ක් සහ 4-1 ක් ලෙස ජොකොවික් පෙරමුණේ සිටියේය. මෙම අවස්ථාවේදී නිෂිකෝරි හදිසියේම පාදයේ ආබාධයකට ලක්විම නිසා තරගයෙන් ඉවත්වීමෙන් ජොකොවික්ට ජයග්‍රහණය අත්විය.
සිය හත්වැනි ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් කිරුළත්, 15 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළත් දෙකම හඹා යන ජොකෝවික් බලාපොරොත්තු වූ ජයග්‍රහණය මෙය නොවූවත් 34 වැනි වතාටවත් ග්‍රැන්ඞ් ස්ලෑම් අවසන් පූර්ව තරගයට එක්වීමේ වාර්තාව අත්පත් කරගත්තේය. ඔහු ඒ අතින් පසුපසින් සිටින්නේ මෙවර තරගාවලියේ වේලාසනින්ම ඉවතට විසිවූ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩර්රට පමණි.
නිෂිකෝරි සිය ආබාධයට ගොදුරුවූයේ තරගයේ පළමු වටයේදීමය. එහෙත් පාදයේ ආබාධය තිබියදීම දෙවැනි වටයට එක්වී දැඩි වේදනාවකින් ක්‍රීඩා කළ අධිෂ්ඨානශීලී ජපාන ක්‍රීඩකයාට තව දුරටත් ක්‍රීඩා කිරීමේ හැකියාවක් තිබුණේම නැත.
අවසන් පූර්ව වටයේදී ජොකෝවික්ගේ ප්‍රතිවාදියා බවට පත්වී ඇත්තේ ප්‍රංශයේ ලූකස් පාඕලිය. ඔහු ග්‍රැන්ඞ් ස්ලෑම් තරගාවලියක අවසන් පූර්ව වටයට එක්වූයේ පළමු වතාවටය. කැනඩාවේ මිලෝස් රාඕනික් ලකුණු 7-6ක්, 6-3ක්, 6-7ක් සහ 6-4ක් ලෙස පරාජය කරමින් ලූකස් අවසන් පූර්ව වටයට එක්වය.
“මම මෙහේට එන්න කළින් මෙවැනි තරගාවලියක එක තරගයක්වත් දිනලා තිබුණේ නෑ. ඔන්න දැන් අවසන් පූර්ව වටයටත් ඇවිල්ලා” යයි තරගයෙන් පසුව ප්‍රංශ ක්‍රීඩකයා එසේ කීවේ උද්දාමයෙන් යුතුවය.
පිරිමි කේවල අංශයේ අනික් අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ 17 වතාවක්ම ග්‍රැන්ඞ් ස්ලෑම් කුසලාන දිනූ ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් සහ ග්‍රීසියේ කෝඩුකාර ස්ටෙෆානෝස් සිට්සිපාස් අතරය. හෙට තරගයේ ජයග්‍රාහකයාට අවසන් තරගය කෙතරම් අසීරුදැයි තීරණය කරන්නට නම් ඒ තරගයත් නිමාවනතුරු බලා සිටිමට සිදුවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.