Last Update  :  2025-08-25 20:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික කී‍්‍රඩා උළෙලට කැරම් එක්වෙයි

ජාතික කී‍්‍රඩා උළෙලට කැරම් එක්වෙයි

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික මහ ක‍්‍රීඩා උළෙලට කැරම් ක‍්‍රීඩාව ඇතුළත් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මස දී පැවැත්වීමට නියමිත 42 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ සිට සෑම වසරකදීම කැරම් ක‍්‍රීඩාවත් ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ ක‍්‍රීඩා අතරට එක්වේ.

ක‍්‍රීඩා අමාත්‍යංශය සහ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ පළාත් ක‍්‍රීඩා නිලධාරීන්ගේ වැඩමුඵවේදී ජාතික මහ ක‍්‍රීඩා උළෙලට කැරම් ක‍්‍රීඩාව ඇතුළත් කිරීමට තීරණය කෙරිණ.

ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර මහතාගේ උපදෙස් පරිදි ක‍්‍රීඩා අමාත්‍යංශයේ කැරම් ක‍්‍රීඩාවේ ව්‍යාපෘති නිලධාරී නෝබට් පෙරේරා මහතා සහ ක‍්‍රීඩා අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂිකා (පාලන) නදීකා දමයන්ති මහත්මිය මෙම වැඩමුඵව මෙහෙයවුහ.

දිවයින පුරා විසිරී සිටින කැරම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් එක්රැස් කරමින් මේ පිළිබඳව ඔවුන්ව දැනුම්වත් කිරීම මෙන්ම නවක දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් පළාත් නිලධාරීන්ට උපදෙස් ලබාදීමද මෙදින සිදු කෙරිණ.

ශ‍්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති ප‍්‍රසාද් සමරසිංහ මහතා ඇතුඵ එම සම්මේලනයේ නිලධාරීහුද මෙම අවස්ථාවට සහභාගිවුහ.

වැඩමුඵව අතරතුරදී පැමිණ සිටි පිරිස වෙනුවෙන් කැරම් නීතිරීති පිළිබඳ ප‍්‍රායෝගික පුහුණුවක් පැවැති අතර කැරම් ලෝක ශූර නිශාන්ත ප‍්‍රනාන්දු සහ අනාස් අහ්මඞ් අතර ප‍්‍රදර්ශන කැරම් තරගයක් ද පැවැත්විණ.

 

ක‍්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් වැඩමුළුව මෙහෙය වු අයුරු

 


අදහස් (0)

ජාතික කී‍්‍රඩා උළෙලට කැරම් එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.