Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අබුඩාබි දහයයි-10 ලීග් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායමට එරෙහිව ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේ අද (4 වැනිදා) පැවැති තරගයේදී ඕවර 2 ක් යවා ලකුණු 6 කට කඩුලු 3 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන චාමික කරුණාරත්න සමත් විය.
එහිදී චාමිකට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ අකීල් හොසේන් ඕවර 2 ක් යවමින් ලකුණු 7 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය. ඔවුන් දෙදෙනාගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් එම තරගයේදී ලකුණු 67 කින් දිල්ලි බුල්ස් කණ්ඩායම පරාජය කිරීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 99 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි බුල්ස් කණ්ඩායමට ඕවර 9.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 31 ක් පමණි. එය මෙවර තරගාවලියේදී කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 98 ක් ලබාගත් අතර එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රහ්මනුල්ලා ගුර්බාස්, පන්දු 24 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 50 ක් රැස්කළේය. ඔඬේන් ස්මිත් පන්දු 15 කින් නොදැවී ලකුණු 25 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.
නිව්යෝක් ස්ට්‍රයිකර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 4 ක් දැවී 98
(රහ්මනුල්ලා ගුර්බාස් නොදැවී 50, ඔඬේන් ස්මිත් නොදැවි 25, වසීම් අක්‍රම් 15/2)
දිල්ලි බුල්ස් පිල - ඕවර 9.3 කදී සියලු දෙනා දැවී 31
(රවී බොපාරා 16, චාමික කරුණාරත්න 06/3, අකීල් හොසේන් 07/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.