Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ නැෂනල් සුපර් ලීග් සිවුදින තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මිනෝද් භානුක නායකත්වය දැරූ දඹුල්ල කණ්ඩායම අද (5 වැනිදා) සමත් විය. තරගාවලියේ ශූරතාව දිනාගැනීම වෙනුවෙන් ඔවුන්ට ශූරතා කුසලාන සමග රුපියල් ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමිණ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 75 ක ජයක් වාර්තා කරමින් දඹුල්ල ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ. තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීම වෙනුවෙන් ගාල්ල කණ්ඩායමට රුපියල් ලක්ෂ 25 ක් මුදල් ත්‍යාගයක් හිමිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 182 ක් පමණි. වනිඳු හසරංග 44 කට කඩුලු 5 ක්ද, ළහිරු සමරකෝන් ලකුණු 60 කට කඩුලු 4 ක්ද දවාගනිමින් දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
ගාල්ල ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි දුනිත් වෙල්ලාලගේ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 52 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය. කවිෂ්ක අංජුල (27) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට වෙල්ලාලගේ සමත් වුවද, ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.
ජාතික කණ්ඩායම සමග නවසීලන්ත සංචාරයේ නිරතව සිටීම හේතුවෙන් අවසන් තරගයට ක්‍රීඩා නොකළද, ගාල්ල කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. තරග 3 කට පමණක් ක්‍රීඩා කළ ඔහු, එහිදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 219 ක් රැස්කරමින්, කඩුලු 11 ක් දවාගැනීමටද සමත් විය.
තරග 4 කදී ශතක 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 448 රැස්කළ මහනුවර කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසත්, තරග 3 කිදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථාවක්ද සමග කඩුලු 22 ක් දවාගත් යාපනය කණ්ඩායමේ ශෂික දුල්ෂාන් දක්ෂතම පන්දු යවන්නා ලෙසත් සම්මාන දිනාගත්හ.
දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 248
ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 187
දඹුල්ල දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 196
(සොනාල් දිනූෂ 59, අෂාන් ප්‍රියන්ජන් 39, රනිත් ලියනාරච්චි 45, මොහොමඩ් සිරාස් 52/5, අසංක මනෝජ් 40/2)
ගාල්ල දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 182
(සොහාන් ද ලිවේරා 17, පසිඳු සූරියබණ්ඩාර 19, පැතුම් කුමාර 36, දුනිත් වෙල්ලාලගේ නොදැවී 52, කවිෂ්ක අංජුල 27, වනිඳු හසරංග 44/5, ළහිරු සමරකෝන් 60/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.