Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිය ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රකාශනයේදී ඉන්දීය රුපියල් කෝටි 7 ක කොන්ත්‍රාත්තුවක් නායක විරාට් කෝලි, උපනායක රෝහිත් ෂර්මා සහ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රාට පිරිනමා තිබේ. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 18 කි.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල වාර්ෂික කොන්ත්‍රාත් ලැයිස්තුවේ කාණ්ඩ 4 කි. ‘ඒ (ඉහළ)’, ‘ඒ’, ‘බී’ සහ ‘සී’ ලෙස කාණ්ඩ 4 කට බෙදා ඇති අතර ‘ඒ (ඉහළ)’ කාණ්ඩය සඳහා ඉන්දීය රුපියල් කෝටී 7 ක් ගෙවනු ලැබේ. ‘ඒ’ කාණ්ඩය සඳහා ඉන්දීය රුපියල් කෝටී 5 ක් ද, ‘බී’ කාණ්ඩය සඳහා ඉන්දීය රුපියල් කෝටී 3 ක් සහ ‘සී’ කාණ්ඩය සඳහා ඉන්දීය රුපියල් කෝටීයක් ද ගෙවනු ලැබේ.
නායක විරාට් කෝලි, ආරම්භක පිතිකරු මෙන්ම උපනායක රෝහිත් ෂර්මා සහ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා යන ක්‍රීඩකයින් තිදෙනා පමණක් ‘ඒ (ඉහළ) කාණ්ඩයට ඇතුළත්ව සිටිති.
ෂුබ්මන් ගිල් සහ මොහොමඩ් සිරාජ්ට ඔවුන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පළමු වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබේ. ඔවුන් දෙදෙනාම වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් වී ඇත්තේ සිය අන්තර්ජාතික ක්‍රිකට් දිවියේ ආරම්භක යුගයේදීමය.
අක්සර් පතෙල් මෙම වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටියද 2017-18 කාල සීමාවේදී ඔහු වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිට ඇත. මෙම වාරෂික කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත්තේ පසුගිය වසරේ (2020) ඔක්තෝබර් සිට 2021 සැප්තැම්බර් දක්වා කාලය වෙනුවෙනි.
ඒ සඳහා ක්‍රීඩකයින් 28 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩක ලැයිස්තුවක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සකස් කරනු ලැබ ඇත.
ඕස්ටේ්‍රලියාවේදී පැවැති බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් ෂුබ්මන්ගිල් සහ මොහොමඩ් සිරාජ් තීරණාත්මක කාර්යභාරයක් කළහ. එංගලන්තයට එරෙහිව මේ වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේදී එංගලන්තය 3-1 ක් ලෙස පරාජය කරමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේදී අක්ෂර් පතෙල් විශාල දායකත්වයක් දැරීය.
රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා, චෙතේෂ්වර් පුජාරා, අජින්ඛ්‍යා රහනේ, ශීකර් ධවාන්, ලොකේෂ් රාහුල්, මොහොමඩ් ශාමී, ඉශාන්ත් ෂර්මා, රිෂාබ් පාන්ට් සහ හර්දික් පාණ්ඩ්‍යා යන ක්‍රීඩකයින් 10 දෙනාම ‘ඒ’ කාණ්ඩයට ඇතුළත් කරනු ලැබ ඇත.
රිදිමාන් සාහා, උමේෂ් යාදව්, බුවනේෂ්වර් කුමාර්, ෂර්දුල් ඨාකූර්, මයන්ක් අගර්වාල් යන ක්‍රීඩකයින් 5 දෙනා ‘බී’ කාණ්ඩයට අයත්වන අතර කුල්දීප් යාදව්, නව්දීප් සයිනි, දීපක් චාහාර්, ශුබ්මන් ගිල්, හනුමා විහාරී, අක්සර් පතෙල්, ශ්‍රීයාස් අයියර්, වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චාහාල් සහ මොහොමඩ් සිරාජ් යන ක්‍රීඩකයින් 10 දෙනා ‘සී’ කාණ්ඩයට අයත් වෙති.
චයිනමන් පන්දු යවන්නකු වන කුල්දීප් යාදව් ‘ඒ’ කාණ්ඩයේ සිට ‘සී’ කාණ්ඩය දක්වාත්, ඔහුගේ හිටපු දඟ පන්දු සගයා වන යුස්වේන්ද්‍ර චහාල් ‘බී’ කාණ්ඩයේ සිට ‘සී’ කාණ්ඩය දක්වා පහත වැටී ඇත. බුවනේශ්වර් කුමාර් ‘ඒ’ කාණ්ඩයේ සිට ‘බී’ කාණ්ඩය දක්වා පහත දමා ඇත.
මෙවර වාර්ෂික කොන්ත්‍රාත් ලැයිස්තුවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉවත් කර ඇත. පසුගිය කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත් වූ ‘සී’ කාණ්ඩයේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මනීෂ් පාණ්ඩේ සහ කේදාර් ජාදව්ට මෙවර නව ලැයිස්තුවේ ස්ථානයක් සොයා ගැනීමට නොහැකිවී තිබේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.