Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ කසුන් දඹුල්ල කළඹයි
එල්.පී.එල්. - 2022

කොළඹ කසුන් දඹුල්ල කළඹයි

editorial - 2022 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පන්දු 68 කින් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූ චරිත් අසලංක (නොදැවී 58) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 31) පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති දෙවැනි එල්.පී.එල්. තරගයේදී කොළඹ ‘ස්ටාර්ස්’ කණ්ඩායම කඩුලු 9 ක පහසු ජයක් කරා කැඳවාගෙන ගියහ. ලකුණු 90 ක ඉලක්කයක් කරා ගිය කොළඹ ‘ස්ටාර්ස්’ පිතිකරුවෝ ඕවර 8.3 ක් ඉතිරිව තිබියදීම තරගය අහවර කළහ.

කොළඹ පිලට එවන් පහසු ඉලක්කයක් හිමිවූයේ කසුන් රාජිත (22/5) කළ විශිෂ්ට පන්දු යැවීමෙනි.

රාජිත හමුවේ අසරණ වූ දඹුල්ල ‘අවුරා’ කණ්ඩායම ලකුණු 89 කට දැවී ගිය අතර දඹුල්ලේ කිසිම පිතිකරුවකුට ලකුණු 23 න් ඔබ්බට යා නොහැකි විය. තම ඕවර 4 ලකුණු 22 කට සීමාකරගනිමින්, කසුන් රාජිත කඩුලු 5 ක් දවාගත් අතර සුරංග ලක්මාල් සහ ජෙෆ්රි වැන්ඩසේ එක්ව දඹුල්ල කණ්ඩායම ලකුණු 89 කට සීමා කළහ.

දඹුල්ල පිලේ කඩුලු 8 ක් ලකුණු 55 කට දැවී ගොස් තිබිණ. පසුව වනිඳු හසරංගගේ වැඩිමහල් සොහොයුරා වන චතුරංග ද සිල්වා (11) සහ ප්‍රමෝද් මධුෂාන් (නොදැවී 23) එක්ව ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමේ උත්සාහයක නිරත වූහ. චතුරංග බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු වන නමුත් බෙනී හොවෙල් සහ නිරෝෂන් දික්වැල්ල එක්ව චතුරංගව දුවද්දී දවාගත් හෙයින් දඹුල්ලේ බලාපොරොත්තු සුන්විය.


දඹුල්ල අවුරා - ඕවර 13.5 කදී සියලු දෙනා දැවී 89 යි
(ජෝර්ඩ්න් කොක්ස් 16, දසුන් ශානක 20, චතුරංග ද සිල්වා 11, ප්‍රමෝද් මධුෂාන් නොදැවී 23, කසුන් රාජිත 22/5, ජෙෆ්රි වැන්ඩසේ 10/2)

කොළඹ ස්ටාර්ස් - ඕවර 11.3 කදී කඩුල්ලක් දැවී 90 යි
(චරිත් අසලංක නොදැවී 58, දිනේෂ් චන්දිමාල් නොදැවී 31)

- 213


අදහස් (1)

කොළඹ කසුන් දඹුල්ල කළඹයි
  • sujeewar Thursday, 15 December 2022 12:47 PM

    දිනේෂ් චන්දිමාල්ව ඇලජික් කට්ටියක් ඉන්නවද මන්දා මැච්වලට දාන්නේ නැත්තේ...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.