Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
දිගු කාලයක් තිස්සේ පවතින උරහිසේ ආබාධයක් සුවකර ගැනීම සඳහා ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායකයාව සිටි කුසල් ජනිත් පෙරේරා ඊයේ (01 වැනිදා) එංගලන්තයේදී සැත්කමකට මුහුණ දුන්නේය. සුප‍්‍රකට ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු වන ඇන්ඩෲ වොලස් මහතා කුසල් ජනිත්ගේ සැත්කම භාරව සිටින වෛද්‍යවරයාය.
එංගලන්තයේ මධ්‍යම ලන්ඩනයේ පිහිටි කිං එඞ්වඞ් රෝහලේදී කරන ලද මෙම සැත්කම සඳහා වන සම්පූර්ණ වියදම් දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී තිබේ. කෙසේ වෙතත් මෙම සැත්කම හේතුවෙන් ලබන මස මැදදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ඔහුට මඟහැරී යාමේ තත්ත්වයක් තිබේ.
”කුසල් ඊයේ ශල්‍යකර්මයට මුහුණ දුන්නා. ඉදිරි දින 14 ක කාලය ඇතුළත ඔහු සුවය ලැබිය යුතුයි. ඒත් මේ මාසේ 14 වැනිදා එයාව ආයෙමත් බලන්න ඕන කියලා ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඇන්ඩෲ වොලස් මහතා කියනවා”
”ඊට පස්සේ ශල්‍ය වෛද්‍යවරයාගේ උපදෙස් අනුව තමයි කුසල් නැවතත් පුහුණුවීම් ආරම්භ කරන්නේ” යයි කුසල් ජනිත් පෙරේරාගේ සමීපතමයෙක් පැවසීය.
ක්‍රිකට් පිටියෙන් තාවකාළිකව ඉවත්ව සිටිමින් තමන්ගේ දකුණු උරහිසේ ආබාධය සුවපත් කරගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිහිප වරක්ම කුසල්ට අවවාද කර තිබිණ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවවාද නොතකා, පසුගිය වසරේ එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කළ කුසල්, අවසන් වරට ශී‍්‍ර ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ - පුනරුත්ථාපන ඒකකයට වාර්තා කර ඇත්තේ පසුගිය අප්‍රේල් 29 වැනිදාය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ස්ථාවරයක සිටි නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සහ කුසල් පෙරේරා අතර පැවැති සාකච්ඡුාවලින් පසුව ඔහුගේ ශල්‍යකර්මය වෙනුවෙන් වන වියදම් දැරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය එකඟ වී තිබේ.
මේ වනවිට 32 හැවිරිදි වියේ පසුවන කුසල් පෙරේරා, ටෙස්ට් තරග 22 කට සහ එක්දින තරග 107 කටත්, විස්සයි-20 අන්තර්ජාතික තරග 60 කටත් කී‍්‍රඩා කර තිබේ. ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම වන දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී ලබාගත් ලකුණු 153, ලෝක ටෙස්ට් ඉතිහාසයේ හොඳම ටෙස්ට් ඉනිම ලෙසින් සැලකේ.
කුසල්ට ප‍්‍රතිකාර කරන ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඇන්ඩෲ වොලස් මහතා ක්‍රීඩා වෛද්‍ය විශාරදයකු වශයෙන් කීර්තිමත් නමක් ඇත්තෙකි. ඉන්දීය පිලේ හිටපු නායක මෙන්ම අද්වීතීය පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ වැලමිටේ ආබාධයකටත්, වර්තමාන එංගලන්ත පිලේ ජොෆ්රා ආචර්ගේ වැළමිටේ ආබාධයටත් ප‍්‍රතිකාර කළේ වෛද්‍ය ඇන්ඩෲ වොලස් මහතාය.
වසර 2021 දී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගයකදී කුෂල් මෙම ආබාධයට ලක්වූයේය. එහෙත් පසුව පැවැති 2021 වි-20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ කුසල් පෙරේරා, වසර අවසානයේදී පැවැති එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් ද ක්‍රීඩා කළේය. එයින් සිදුවූයේ ඔහුගේ ආබාධයට ප්‍රතිකාර ගැනීම ප්‍රමාද වීමකි.
කුසල් පෙරේරා අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2021 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.