ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සංවිධානයෙන් දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී ඊයේ (10) ආරම්භ වූ XXVIII වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ පැවැති මලල ක්‍රීඩා ඉසව්වලදී නව මහවැලි වාර්තා දෙකක් පිහිටුවීමට ක්‍රිෂාන් ගුරුගේ සහ සඳරුවන් දුනුකාර සමත් වූහ.
|
|
දෙවැනි දිනය වූ අද (11) පළමු තරගය ලෙස පැවැති පාපැදි තරගයේ කාන්තා තරගයේ පළමු ස්ථානය ‘සී’ කළාපයේ එම්. ආර්. එම් රූපාවති දිනා ගැනීමට සමත් වූවාය. දෙවැනි ස්ථානය හුරු`ඵවැව කළාපයේ ආර්. එස්. කේ. රත්නායක ද, තෙවැනි ස්ථානය ‘සී’ කළාපයේ එස්. එම්. අයි. චාන්දනීද හිමිකර ගැනීමට සමත් වූහ.
පළමු දිනයේ දහවල් විවේකයෙන් පසුව පැවැති පළමු තරගයේදී මහවැලි ‘සී’ කළාපය නියෝජනය කළ ක්‍රිෂාන් ගුරුගේ උස පැනීම පිරිමි ඉසව්වේදී මීටර 2.01 ක් පනිමින් නව වාර්තාව පිහිටුවීමට සමත් විය.
ක්‍රිෂාන් ගුරුගේ මීටර 2.00 පනිමින් එම ඉසව්වේ පැවැති වාර්තාව පසුගිය වසරේ (2015) පිහිටුවා තිබුණි.
මහවැලි ‘බී’ කළාපය නියෝජනය කළ සඳරුවන් දුනුකාර මීටර 3000 ඇවිදීම පිරිමි ඉසව්ව විනාඩි 13:30.30 කින් අවසන් කරමින් වන වාර්තාව පිහිටුවීය. සඳරුවන් දුනුකාර පසුගිය වසරේ විනාඩි 14:11.70 කින් එම ඉසව්වේ පැරණි වාර්තාවට ද හිමිකම් කීය.
ක්‍රීඩා උළෙලේ පළමු දිනය වූ පෙරේදා අවසන් තරග 15 ක් පැවැත්විණි.
මහවැලි ‘සී’ කළාපයේ ජනක ප්‍රසන්න බණ්ඩාර සහ චන්ද්‍රිකා මල්කාන්ති දේවසිංහ ක්‍රීඩා පහන දැල්වූහ.
මෙවර ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පෙරේදා (10) පෙරවරුවේ මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය නීතිඥා අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
තරග ප්‍රතිඵල:
● තවපෙත්ත විසිකිරීම (පිරිමි)
1. ඩී. එම්. ඩී. ප්‍රියලාල් (මීටර 37.97 - රඹකැන්ඔය)
2. ගයාන් සංජය (මීටර 32.12 - සී කළාපය)
3. ඩබ්ලිව්. කේ. ජයරත්න (මීටර 31.96 - සී කළාපය)
● මීටර 5000 (පිරිමි)
1. ටී. ඩබ්ලිව්. රත්නපාල (විනාඩි 16:23.80 - සී කළාපය)
2. ජේ. ජී. සුනිල් ශාන්ත (විනාඩි 16:38.90 - සී කළාපය)
3. ඩී. පී. සුනිල් ශාන්ත (විනාඩි 16:56.10 - එල් කළාපය)
● උස පැනීම (පිරිමි)
1. ඒ. පී. ජී. ඩී. ක්‍රිෂාන් ගුරුගේ (මීටර 2.01 - සී කළාපය)
2 මයුර ෂෙහාන් (මීටර 1.95 - එච් කළාපය)
අමිල ගයාන් (මීටර 1.75 - එල් කළාපය)
● මීටර 3000 ඇවිදීම (පිරිමි)
1. ඩී. එම්. අයි. එස්. සඳරුවන් දුනුකාර (විනාඩි 13:30.30 - බී කළාපය)
2. ඒ. බී. චිත්‍රානන්ද (විනාඩි 15:13.00 - එච් කළාපය)
3. ඒ. ජී. කලුපහන (විනාඩි 16:09.60 - වික්ටෝරියා කළාපය)
● දුර පැනීම (පිරිමි)
1. ආර්. බී. රාජපක්‍ෂ (මීටර 7.11 - හුරුඵවැව කළාපය)
2. ජේ. එස්. කේ. බණ්ඩාර (මීටර 6.63 - සී කළාපය)
3. ධනුෂ්ක ශ්‍රීමාල් අමරසිංහ (මීටර 6.27 - බී කළාපය)
● දුර පැනීම (කාන්තා)
1. නදීෂානී තෙන්නකෝන් (මීටර 5.27 - බී කළාපය)
2. නිමන්තිකා නවෝදනී (මීටර 5.10 - බී කළාපය)
3. නදීකා මධුභාෂිණි (මීටර 4.99 - සී කළාපය)
● මීටර 200 (පිරිමි)
1. ඩී. එම්. සිල්වා (තත්පර 21.9 - වික්ටෝරියා)
2. ආර්. ඒ. සී. නිරෝෂන් (තත්පර 22.0 - බී කළාපය)
3. යූ. අයේෂ් කුමාර (තත්පර 22.7 - බී කළාපය)
● මීටර 800 (පිරිමි)
1. ආර්. පී. එම්. කුමාරතුංග (විනාඩි 1:58.70 - රඹකැන්ඔය)
2. එස්. එල්. වික්‍රමසිංහ (විනාඩි 2:00.30 - ඩී කළාපය)
3. මහේෂ් ප්‍රියංකර (විනාඩි 2:02.50 - එච් කළාපය)
● මීටර 800 (කාන්තා)
1. නදීෂා රාමනායක (විනාඩි 2:21.70 - වලව)
2. ඩී. කේ. එන්. කුලරත්න (විනාඩි 2:22.70 - වික්ටෝරියා)
3. එම්. එන්. ආර්. හේරත් (විනාඩි 2:37.90 - එච් කළාපය)
● යගුලිය විසිකිරීම (කාන්තා)
1. කේ. ඩී. කෝරලආරච්චි (මීටර 9.02 - බී කළාපය)
2. ඉරේෂා සඳමාලි (මීටර 8.75 - බී කළාපය)
3. සචිනි අයේෂා (මීටර 8.57 - රඹකැන්ඔය)
● හෙල්ල විසිකිරීම (පිරිමි)
1. ඒ. කේ. කරුණාසේන (මීටර 62.34 - එච් කළාපය)
2. හසංජිත් සඳමාල් සිල්වා (මීටර 56.95 - බී කළාපය)
3. එන්. එල්. ආර්. කුමාර (මීටර 6.27 - රඹකැන්ඔය)
● මීටර 3000 ඇවිදීම (කාන්තා)
1. නිසංසලා කොළඹගේ (විනාඩි 18:51.10 - වලව)
2. එම්. ඩී. සී. මධුවන්ති (විනාඩි 20:12.40 - සී කළාපය)
3. කේ. මිනූෂි ලක්මිණී (විනාඩි 22:02.30 - වලව)
● මීටර 200 (කාන්තා)
1. මධූෂා විතාරණ (තත්පර 25.8 - බී කළාපය)
2. නිරෝෂා ලක්මාලි (තත්පර 27.5 - බී කළාපය)
3. සඳමාලි පුෂ්පලතා (තත්පර 27.6 - රඹකැන්ඔය)
|
|
|
|
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.