Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හොකී සම්මේලනය නියෝජනය කරමින් ජාතික ඔලිම්පික් කමිටුවට පත්ව සිටින කිසිදු නිලධාරියෙකුට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හා අරමුදල් නොදෙන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අප්‍රේල් 4 වැනිදා සිට 14 වැනිදා දක්වා ඕස්ටේ්‍රලියාවේ ගෝල්ඞ් කෝස්ට් නුවරදී පැවැත්වේ. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් ඇතුළත් 100 කට වැඩි ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගිවීමට නියමිතය. ඒ සඳහා මේ වන විටත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතියට ජාතික ඕලිම්පික් කමිටුව එම කණ්ඩායම ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.
කෙසේ වුවත් තෝරා ගත් ක්‍රීඩා කණ්ඩායම් හා නිලධාරීන් සඳහා පමණක් ‘ගෝල්ඞ් කෝස්ට්’ තරග සංචාරය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වියදම් දීමට තීරණය කර තිබේ. ඒ අතර ජාතික ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන නොලැබුණ කණ්ඩායම් සඳහා ජාතික ඔලිම්පික් කමිටුව අරමුදල් සැපයීමට සූදානමින් සිටින බවයි.
ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මෙසේ පැවැසීය.
ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට දින යෝජනා වූ දා පටන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථාවරය වුණේ ඒ වන විට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා භාරයේ අතුරු කමිටු ලෙස ක්‍රියාත්මක වෙමින් තිබූ හොකී සම්මේලනයට හා බැඞ්මින්ටන් සම්මේලනයට ඒ නිලවරණයට ඉදිරිපත් විය නොහැකි යයි කියන මතයේයි.
නමුත් ගැසට් නිවේදන ද නොතකා එම සම්මේලන නියෝජනය කරමින් නිලධාරීන් කීපදෙනෙකු ඔලිම්පික් කමිටුවේ නිලවරණයේ පෙනී සිටිමින් ඡන්දය පාවිච්චි කළා. එය නීත්‍යානුකූල ක්‍රියාවක් නොවන බව අදටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථාවරයයි. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරියේ දී සිය ස්ථාවරය එවිට පැහැදිලි කරනවා.
ඒ සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලිඛිතව කරුණු පැහැදිලි කිරීමක් ලබාගන්නත් අප කටයුතු කරනවා. හොකී හා බැඞ්මින්ටන් යන සම්මේලන ලෙස ඔලිම්පික් නිලවරණයේ පෙනී සිටිමින් කටයුතු කළ ඒ නිලධාරීන්ට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන්න බෑ කියන මතයෙයි අප ඉන්නේ.”
මේ අතර ඉදිරිපත් වූ පැමිණිල්ලක් සලකා බලමින් හොකී සම්මේලනයේ නිලධාරීන් ලෙස පෙනී සිටි බව කියන සුමිත් එදිරිසිංහ, ගාමිණී ජයසිංහ හා පෙරුමල් විශ්වනාදන් යන මහත්වරුන්ට එම සම්මේලනය වෙනුවෙන් පෙනී සිටීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය පෙරේදා (7) අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ. එම නඩුව නැවත මෙම 21 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
හොකී සම්මේලනය නියෝජනය කරමින් ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට ඉදිරිපත් වූ සුමිත් එදිරිසිංහ මහතා එහිදී උපසභාපති ධුරයකට තේරී පත්වීමට ද සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.