වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලියේදී ඇන්ජලෝ පෙරේරා නායකත්වය දැරූ එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම විසින් ‘ඒ‘ කාණ්ඩයේ ශූරතාව දිනාගන්නා ලදි. ලක්ෂාන් පෙරේරා නායකත්වය දැරූ ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායම ‘බී‘ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත් විය.
මෙම තරගාවලිය ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ සැප්තැම්බර් මස 7 වැනිදා සිට 9 වැනිදා දක්වා ක්‍රීඩාංගණ 5 කදී පැවැත්වූ අතර ‘ඒ’ කාණ්ඩයෙන් කණ්ඩායම් 21 ක් සහ සහ ‘බී’ කාණ්ඩයෙන් කණ්ඩායම් 48 ක් ලෙස කණ්ඩායම් 69 ක් තරගාවලියට සහභාගී වූහ.
පසුගිය 9 වැනිදා වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් මහ තරග පැවති අතර ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගයේදී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පරාජය කිරීමට එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය. ‘බී’ කාණ්ඩයේ අවසන් තරගයේදී ඇලියන්ස් ඉන්ෂුවරන්ස් කණ්ඩායම පරාජය කිරීමට ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායම සමත්විය.
අර්ධ අවසන් පූර්ව වටයේදී ඩිමෝ නෙක්සන් කණ්ඩායමත්, අවසන් පූර්ව වටයේදී මාස් යුනිචෙලා ‘බී’ කණ්ඩායමත් පරාජයට පත්කරමින් ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම සමත්විය.
අර්ධ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකන් එයාර්ලයින් කණ්ඩායමත්, අවසන් පූර්ව වටයේදී ඒ.බවර්ස් කණ්ඩායමත් පරාජයට පත්කරමින් ‘බී’ කාණ්ඩයේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායම සමත්විය.
සිටිසන්ස් ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය අඛණ්ඩව දෙවැනි වරටත් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීය.
‘ඒ’ කාණ්ඩයේ දක්ෂතා දැක්වූවන්
දක්ෂතම පන්දුයවන්නා - වනිඳු හසරංග (කොමර්ෂල් ක්‍රෙඩිට්)
දක්ෂතම පිතිකරු - සඳුන් වීරක්කොඩි (කොමර්ෂල් ක්‍රෙඩිට්)
තරගාවලියේ වැඩිම හයේ පහර ගැසූ පිතිකරු - ඉසුරු උදාන (එල්.බී.ෆිනෑන්ස්)
අවසන් තරගයේ වීරයා - සහන් ආරච්චිගේ (එල්.බී.ෆිනෑන්ස්)
තරගාවලියේ වීරයා - ඉසුරු උදාන (එල්.බී.ෆිනෑන්ස්)
‘බී’ කාණ්ඩයේ දක්ෂතා දැක්වූවන්
දක්ෂතම පන්දුයවන්නා - සම්පත් පෙරේරා (ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස්)
දක්ෂතම පිතිකරු - ලක්ෂාන් පෙරේරා (ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස්)
තරගාවලියේ වැඩිම හයේ පහර ගැසූ පිතිකරු - සමීර ප්‍රනාන්දු (ඇලියන්ස් ඉන්ෂුවරන්ස්)
අවසන් තරගයේ වීරයා - ලක්ෂාන් පෙරේරා (ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස්)
තරගාවලියේ වීරයා - සමීර ප්‍රනාන්දු (ඇලියන්ස් ඉන්ෂුවරන්ස්)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.