Last Update  :  2025-07-18 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය 3-0 කින් පාකිස්තානය පරදවයි
කරච්චි ටෙස්ට් තරගය

එංගලන්තය 3-0 කින් පාකිස්තානය පරදවයි

editorial - 2022 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව කරච්චි නුවරදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 8 කින් ජයගත් එංගලන්තය, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 3-0 ක ජයක් වාර්තා කිරීමට සමත් අද (20 වැනිදා) විය. ඉනිම් 5 කදී ශතක 3 ක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 468 ක් රැස්කළ හැරී බෘක්, තෙවැනි තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. බෙන් ඩකට් (නොදැවී 82) සහ බෙන් ස්ටොක්ස් (නොදැවී 35) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

තෙවැනි දිනය වූ ඊයේ (19 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 112 ක් ලබා සිටි එංගලන්තය, අද දිනයේදී පාකිස්තාන පන්දු යවන්නන්ට එක් කඩුල්ලක් හෝ දවාගැනීමට අවස්ථාවක් ලබා නොදෙමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. එහිදී තරමක් වේගයෙන් ලකුණු රැස්කළ බෙන් ඩකට් හතරේ පහර 12 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. 

 

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 304 
(ශාන් මසූද් 30, අසාර් අලී 45, බාබර් අසාම් 78, සෞද් ශකීල් 23, මොහොමඩ් රිස්වාන් 19, අඝා සල්මාන් 56, නෞමාන් අලී 20, ජැක් ලීච් 140/4, රෙහාන් අහමඩ් 89/2) 

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 354 
(බෙන් ඩකට් 26, ඔලී පෝප් 51, හැරී බෘක් 111, බෙන් ස්ටෝක්ස් 26, බෙන් ෆෝක්ස් 64, මාක් වුඩ් 35, ඔලී රොබින්සන් 29, නෞමාන් අලී 126/4, අබ්රාර් අහමඩ් 150/4) 

පාකිස්තාන දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 216 
(අසාද් ශෆීක් 26 ශාන් මසූද් 24, බාබර් අසාම් 54, සෞද් ශකීල් 53, අඝා සල්මාන් 21, රෙහාන් අහමඩ් 48/5, ජැක් ලීච් 72/3) 

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 170 
(සැක් ක්‍රොව්ලි 41, බෙන් ඩකට් නොදැවී 82, බෙන් ස්ටොක්ස් නොදැවී 35, අබ්රාර් අහමඩ් 78/2) 

-036


අදහස් (0)

එංගලන්තය 3-0 කින් පාකිස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.