Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උදේශ් - චලනි ග්‍රෑන්ඞ්ස්ලෑම් ශූරතා දිනති

උදේශ් - චලනි ග්‍රෑන්ඞ්ස්ලෑම් ශූරතා දිනති

ශනුක අරවින්ද - 2019 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ ‘ග්‍රෑන්ඞ්ස්ලෑම්‘ කැරම් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උදේශ් චන්දිමද, කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චලනි ලක්මාලිද සමත් වූහ.

අවසන් මහ තරගයේදී වට 2-1 ක් (25/07, 15/25, 25/23) ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඞ් හිල්මි පරාජය කරමින් උදේශ් පිරිමි ශූරතාව දිනාගත් අතර චලනි කාන්තා ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් (25/00, 25/24) ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝශප් රොෂිටා පරාජය කරමිනි.

පිරිමි අවසන් මහ තරගයේදී පරාජයට පත් වූ ෂහීඞ් පසුගිය ‘ග්‍රෑන්ඞ්ස්ලෑම්’ ශූරතාව මෙන්ම  ජාතික කැරම් ශූරතාවය දිනා සිටි ක්‍රීඩකයා වන අතර කාන්තා අවසන් මහ තරගයේදී පරාජයට පත් වූ රොෂිටා හය වතාවක් ජාතික කැරම් ශූරතාවය දිනා සිටින ක්‍රීඩිකාවකි.

මෙම ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයකදී ලෝක කැරම් ශූර නිශාන්ත ප්‍රනාන්දු වට 2-1 ක් (25/00, 04/25, 25/06) ලෙස පරාජය කිරීමට උදේශ් චන්දිම සමත් වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. 

දින තුනක් පුරා කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේදී පැවති මෙම ශූරතාවලිය සඳහා පසුගිය 51 වැනි ජාතික කැරම් ශූරතාවලියෙන් පසු ශ්‍රේණිගත කරන ලද ශ්‍රී ලංකාවේ දක්‍ෂතම කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 ක් සුදුසුකම් ලබා තිබුණි.

මෙම ශූරතාවලියේදී ලබාගත් ශ්‍රේණිගත ලකුණු අනුව පිරිමි සහ කාන්තා සුපිරි කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අට දෙනා සිය ජයග්‍රහණයන් තහවුරු කරගත් අනු පිළිවෙළ පහත දැක්වේ.

පිරිමි
1. උදේෂ් චන්දිම (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
2. ෂහීඞ් හිල්මි (රාජකීය විද්‍යාලය - කොළඹ)
3. දිනෙත් දුලක්‍ෂණ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
4. හසිත අනුරුද්ධ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
5. නිශාන්ත ප්‍රනාන්දු (ශ්‍රී ලංකා නාවික හමුදාව)
6. අනස් අහමඞ් (ශ්‍රී ලංකා යුද හමුදාව)
7. එවෝන් වික්‍රමසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
8. එම්. ෂෙරිෆ්ඩීන් (ශ්‍රී ලංකා යුද හමුදාව)

කාන්තා
1. චලනි ලක්මාලි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
2. ජෝශප් රොෂිටා (ශ්‍රී ලංකා නාවික හමුදාව)
3. එම්. චිත්‍රාදේවී (ශ්‍රී ලංකා යුද හමුදාව)
4. මධුවන්ති ගුණදාස (ශ්‍රී ලංකා යුද හමුදාව)
5. රෙබෙකා ඩැල්රින් (ශ්‍රී ලංකා යුද හමුදාව)
6. මධුකා දිල්ශානි (ශ්‍රී ලංකා යුද හමුදාව)
7. තස්මිලා කාවින්දි (මහාමායා බාලිකා විද්‍යාලය - නුගේගොඩ)
8. සසිකා සඳමාලි (ශ්‍රී ලංකා යුද හමුදාව)

 

පිරිමි කේවල ශූරතාව දිනාගත් උදේශ් චන්දිම සහ අනු ශූරතාවය හිමිකරගත් ෂහීඞ් හිල්මි

 

පිරිමි කේවල ශූරතාව දිනාගත් උදේශ් චන්දිම සහ අනු ශූරතාවය හිමිකරගත් ෂහීඞ් හිල්මි

 

-036

 


අදහස් (0)

උදේශ් - චලනි ග්‍රෑන්ඞ්ස්ලෑම් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.