Last Update  :  2025-05-05 11:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උදය - එරන්දි ජාතික ශූරතා දිනති

උදය - එරන්දි ජාතික ශූරතා දිනති

ශනුක අරවින්ද - 2018 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති 71 වැනි ජාතික මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සමත් විය. එහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ එරන්දි වරුසවිතාන විවෘත කාන්තා ශූරතාව දිනාගත්තාය.

උදය රණසිංග පිට පිටම ජාතික මේසපන්දු ශූරතාව දිනාගත් 5 වැනි අවස්ථාව (2013, 2014, 2015, 2016 සහ 2017) මෙයයි. විවෘත පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 4-1 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේම ශිෂ්‍යයෙක් වන ක්‍රිෂාන් වික්‍රමරත්න පරාජය කරමින් උදය මෙවර ශූරතාවට හිමිකම් කීවේය.

එරන්දි ජාතික මේසපන්දු ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය (2017) වන අතර මින් පෙර ඇය 2014 වසරේදීද ජාතික මේසපන්දු ශූරතාවට හිමිකම් කීවාය.  ඇය මෙවර ශූරතාවට හිමිකම් කීවේ විවෘත කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 4-1 ක් ලෙස කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා පරාජය කරමිනි.

තරග වට 3-2 ක් ලෙස නිමේෂ් රංචාගොඩ සහ තිසස් රංචාගොඩ පරාජය කරමින් රොහාන් සිරිසේන සහ චමීර ගිණිගේ පිරිමි යුගල ශූරතාව දිනාගත් අතර තරග වට 3-1 ක් ලෙස කාවින්දි සහබන්දු සහ තනුෂි රොද්‍රිගූ පරාජය කරමින් ඉෂාරා මධුරංගි සහ නුවනි නවෝද්‍යා කාන්තා යුගල ශූරතාව දිනාගත්හ.

උදය රණසිංහ සහ චමත්සරා ප්‍රනාන්දු හමුවේ තරග වට 3-2 ක පහසු ජයක් වාර්තා කළ රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි තරගාවලියේ මිශ්‍ර යුගල ශූරතාවට හිමිකම් කීහ. සමනල ක්‍රීඩා සමාජය නියෝජනය කළ ලලිත් ප්‍රියන්ත ප්‍රවීණ පිරිමි ශූරතාවද, ස්ටැග් මේසපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කළ රොහාන් සිරිසේන ජ්‍යෙෂ්ඨ පිරිමි ශූරතාවද දිනාගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා සහභාගි විය.  

තරග ප්‍රතිඵල

විවෘත පිරිමි කේවල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 4-1 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/07, 11/07, 07/11, 11/09)

විවෘත පිරිමි යුගල
රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) සහ චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් තරග වට 3-2 ක් ලෙස නිමේෂ් රංචාගොඩ සහ තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/05, 08/11, 11/05, 11/04)

විවෘත කාන්තා කේවල
එරන්දි වරුසවිතාන (යුද හමුදාව) විසින් තරග වට 4-1 ක් ලෙස හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/03, 04/11, 11/07, 11/08)

විවෘත කාන්තා යුගල
ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය) සහ නුවනි නවෝද්‍යා (යුද හමුදාව) විසින් තරග වට 3-1 ක් ලෙස කාවින්දි සහබන්දු (මොරටුව විශ්ව විද්‍යාලය) සහ තනුෂි රොද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (06/11, 11/09, 11/06, 11/07)

විවෘත මිශ්‍ර යුගල
රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) සහ ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය) විසින් තරග වට 3-2 ක් ලෙස උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) සහ චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/07, 04/11, 12/10, 11/07)

21 න් පහළ පිරිමි කේවල
ප්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (14/12, 10/12, 12/10, 09/11, 11/08)

21 න් පහළ කාන්තා කේවල
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස මුතුමාලි ප්‍රියදර්ශනී (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල) පරාජය කරන ලදි. (11/08, 12/10, 07/11, 11/05)

ජ්‍යෙෂ්ඨ පිරිමි කේවල
රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) විසින් තරග වට 3-2 ක් ලෙස ඉන්දික ප්‍රසාද් (නාවික හමුදාව) පරාජය කරන ලදි. (12/10, 10/12, 11/06, 09/11, 12/10)

ප්‍රවීණ පිරිමි කේවල
ලලිත් ප්‍රියන්ත (බටර්ෆ්ලයි ක්‍රීඩා සමාජය) විසින් තරග වට 3-2 ක් ලෙස ජී.එන්. ලූකස් (ප්‍රවීණයන්ගේ මේසපන්දු සංගමය) පරාජය කරන ලදි. (07/11, 10/12, 11/09, 11/08, 11/07)

 


අදහස් (0)

උදය - එරන්දි ජාතික ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.