ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 99 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 19.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ආරම්භ පිතිකාරිණී ස්මිත්‍රි මන්ධනා පන්දු 76 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 73 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළාය. පූනම් රාවුට් (24) සමග එක්ව ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 112 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මන්ධනා සමත් වූවාය.
ඉන්දීය ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ලට හිමිකම් කීමට ඉනෝකා රණවීර සමත් වූ අතර ඇගේ පන්දුවක් හමුවේ පූනම් රාවුට් දැවී ගියේ ඩිලානි මනෝදරා අතට උඩ පන්දුවක් දෙමිනි. ඉනෝකා හැරුණුකොට සෙසු ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ එහිදී කඩුලු දවාගැනීමට අසමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 35.1 ක් අවසානයේ ලකුණු 98 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මාන්සි ජෝෂි ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගත් අතර ජුලාන් ගොස්වාමි සහ පූනම් යාදව් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ජෝෂිට අනිගි සහායක් දුන්හ.
සෙසු පිතිකාරිණියන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන ඉතා මන්දගාමී පිතිහරඹයක නිතර වූ නායිකා චමරි අතපත්තු පන්දු 93 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 33 ක් රැස්කළාය. පිතිකාරිණියන් 7 දෙනෙක්ම ල
කුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙර ආපසු ක්‍රීඩාගාරය බලා යද්දී, ඉනිමේ 8 වැනි පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි ශ්‍රීපාලි වීරක්කොඩි පන්දු 32 කදී ලකුණු 26 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.