Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය කාන්තා නායකත්වය හර්මන්ප්‍රීත්ට
ඉන්දීය කාන්තා පිලේ ශ්‍රී ලංකා සංචාරය

ඉන්දීය කාන්තා නායකත්වය හර්මන්ප්‍රීත්ට

editorial - 2022 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන 15 දෙනෙකුගෙන් යුත් එක්දින සහ විස්සයි20 ඉන්දීය කාන්තා සංචිත කණ්ඩායම් දෙකේම නායකත්වය හර්මන්ප්‍රීත් කෞර්ට හිමිව ඇත. කණ්ඩායමේ උපනායකත්වයට පත්ව සිටින්නේ ස්මිත්‍රී මන්ධනාය.

හර්මන්ප්‍රීත් කෞර් ඉන්දීය විස්සයි20 කණ්ඩායමේ නායකත්වය දරමින් සිටින අතර හිටපු නායිකා මිතාලී රාජ්ගේ විශ්‍රාම යෑමත් සමගින් එක්දින කණ්ඩායමේ නායකත්වයද ඇයට හිමි වූවාය.

එක්දින තරග 3 කට සහ විස්සයි20 තරග 3 කට ඉන්දීය කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. මේ මස 23, 25 සහ 27 යන දිනයන්හිදී තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය දඹුල්ලේදී පැවැත්වෙන අතර ලබන මස 1, 4 සහ 7 යන දිනයන්හිදී තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මහනුවර පල්ලේකැලේදී පැවැත්වේ.

ඉන්දීය කණ්ඩායමට යොවුන් ක්‍රීඩිකාවන් අවශ්‍ය අවස්ථාවක ඔවුන්ට ඉඩදීම සඳහා තමන් විශ්‍රාම ගත් බව හිටපු නායිකාව පැවසුවාය.

ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩිකා ජුලාන් ගොස්වාමි මේ මස අගදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සීමිත ඕවර තරගාවලිය සඳහා නම්කර නොමැත. මිතාලී රාජ් සහ ජුලාන් ගෝස්වාමි එක්දින තරග 433 ක සහ විස්සයි20 තරග 157 ක අත්දැකීම් බහුල ක්‍රීඩිකාවෝ වෙති.

ජෙමීමා රොඩිගූස් සහ රාධා යාදව් එක්දින තරගාවලියටත්, ටානියා භාතියා සහ හර්ලීන් ඩියෝල් විස්සයි20 තරගාවලියටත් නිර්දේශ කර තිබේ.

විස්සයි20 සංචිතය
හර්මන්ප්‍රීට් කෞර් (නායිකාව), ස්මි්ත්‍රී මන්ධනා (උපනායිකාව), ශෆාලී වෙර්මා, යස්තිකා භාතියා, එස්.මේඝ්නා, දීප්ති ෂර්මා, පූනම් යාදව්, රාජේෂ්වරී ගයක්වාඞ්, සිම්රන් බහදූර්, රීචා ඝෝෂ්, පූජා යස්ත්‍රකාර්, මේඝ්නා සිං, රේනුකා සිං, ජෙමීමා රොද්‍රීගූස්, රාධා යාදව්

එක්දින සංචිතය
හර්මන්ප්‍රීට් කෞර් (නායිකාව), ස්මි්ත්‍රී මන්ධනා (උපනායිකාව), ශෆාලී වෙර්මා, යස්තිකා භාතියා, එස්.මේඝ්නා, දීප්ති ෂර්මා, පූනම් යාදව්, රාජේෂ්වරී ගයක්වාඞ්, සිම්රන් බහදූර්, රීචා ඝෝෂ්, පූජා යස්ත්‍රකාර්, මේඝ්නා සිං, රේනුකා සිං, ටානියා භාතියා සහ හර්ලීන් ඩියෝල්

තරග කාළසටහන
ජුනි 23 වැනිදා - පළමු විස්සයි20 තරගය, දඹුල්ලේදී
ජුනි 25 වැනිදා - දෙවැනි විස්සයි20 තරගය, දඹුල්ලේදී
ජුනි 27 වැනිදා - තෙවැනි විස්සයි20 තරගය, දඹුල්ලේදී

ජූලි 1 වැනිදා - පළමු එක්දින තරගය, පල්ලේකැලේදී
ජූලි 4 වැනිදා - දෙවැනි එක්දින තරගය, පල්ලේකැලේදී
ජූලි 7 වැනිදා - තෙවැනි එක්දින තරගය, පල්ලේකැලේදී


අදහස් (0)

ඉන්දීය කාන්තා නායකත්වය හර්මන්ප්‍රීත්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.