Last Update  :  2025-12-07 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව 2-1 කින් දකුණු අප්‍රිකාව පරදවයි

ඉන්දියාව 2-1 කින් දකුණු අප්‍රිකාව පරදවයි

editorial - 2025 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකාවට එරෙහිව විෂාකාපට්නම්හිදී ඊයේ (6 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 271 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 39.5 ක් අවසානයේ ඉලක්කය සපුරාගත් අතර එහිදී සිය මංගල එක්දින ශතකය ලබාගැනීමට ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් (නොදැවී 116) සමත් විය. පන්දු 121 කට මුහුණදුන් ඔහු හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සිය ඉනිම සැරසුවේය. 

රෝහිත් ශර්මා (75) සමග එක්ව ආරම්භක කඩුල්ල සඳහා පන්දු 155 කදී ලකුණු 155 ක් එක් කළ ජයිස්වාල්, ඉන් නොනැවදී දෙවැනි කඩුල්ල සඳහා විරාට් කෝලි (නොදැවී 65) සමග එක්ව පන්දු 84 කදී ලකුණු 116 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 73 කදී වාර්තා වූ ශර්මාගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින්ද, පන්දු 45 කදී වාර්තා වූ කෝලිගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින්ද සමන්විත විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 47.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 270 ක් ලබාගත් අතර එහිදී සිය 23 වැනි එක්දින ශතකය ලබාගැනීමට ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් (106) සමත් විය. පන්දු 89 කින් ඔහු ලබාගත් එම ශතකයට හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් අන්තර්ඝත විය. 

අප්‍රිකානු ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක ටෙම්බා බවුමා (48) සමග එක්ව පන්දු 121 කදී ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩි’කොක් සමත් වූ අතර අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය බවුමාගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය. දක්ෂ පන්දු යැවීම්හි නිතර වූ කුල්දීප් යාදව් සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා කඩුලු 4 බැගින් දවාගනිමින් අප්‍රිකානු පිතිකරවන් පීඩනයට පත්කිරීමට සමත් වූහ.  


දකුණු අප්‍රිකාව - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 270 
(ක්වින්ටින් ඩි’කොක් 106, ටෙම්බා බවුමා 48, මැතිව් බී්‍රට්ස්කි 24, ඩෙවෝල්ඩ් බ්‍රේවිස් 29, කේෂව් මහරාජ් නොදැවී 20, කුල්දීප් යාදව් 41/4, ප්‍රසිද් ක්‍රිෂ්ණා 66/4) 

ඉන්දියාව - ඕවර 39.5 කදී කඩුල්ලක් දැවී 271 
(යශස්වි ජයිස්වාල් නොදැවී 116, රෝහිත් ශර්මා 75, විරාට් කෝලි නොදැවී 65) 

-036  


අදහස් (0)

ඉන්දියාව 2-1 කින් දකුණු අප්‍රිකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.