
නාග්පූර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඉන්දීය පන්දු යවන්නන්ගෙන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට පමණක් නොව පන්දු යවන්නන්ටත් ගැලවීමක් නැති සෙයකි.
ඕස්ට්‍රේලියානුවන් ලකුණු 177 කට සීමාකරගත් ඉන්දියානුවෝ ලකුණු 240 කට කඩුලු 7 ක් අහිමි කරගත් නමුත් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනංවා සිටින රවීන්ද්‍ර ජදේජා (නොදැවී 66) සහ අක්ෂර් පතෙල් (නොදැවී 52) ඉන්දීය ලකුණු සංඛ්‍යාව කඩුලු 7 කට 321 ක් දක්වා ඉදිරියට ගෙන ගියහ.
දිනය අවසානයේදී ඉන්දියාව ලකුණු 144 කින් ඉදිරියෙන් සිටියේය.
ඉතාමත් තියුණු ලෙසින් පන්දුව දඟ කැවුණු තණතීරුවකදී ඉන්දීය නායක රෝහිත් ෂර්මා ලකුණු 120 ක් ලබාගත් නමුත් සෙසු ඉන්දීය පිතිකරුවෝ අසාර්ථක වූහ. එහි ප්‍රධාන සාධකය වූයේ ඕස්ට්‍රේලියානු කෝඩුකාරයා වන 22 හැවිරිදි ටොඩ් මර්ෆි ලකුණු 82 කට කඩුලු 5 ක් දවාගැනීමයි.
මර්ෆි සහ නේදන් ලයන් එක්ව ඉන්දීය පිලේ කඩුලු 5 ක් ලකුණු 168 කට බිම දැම්මද නායක රෝහිත් ෂර්මා සහ රවින්ද්‍ර ජදේජා එක්ව ලකුණු සංඛ්‍යාව 229 ක් දක්වා ගෙන ගියහ. රෝහිත් ෂර්මා දැවී යාමෙන් පසුව ඉනිමේ බර කරට ගත් ජදේජා, අක්ෂර් පතෙල් සමගින් එක්ව ලකුණු 81 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා සිටී.
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 177 යි
ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 7 ක් දැවී 321 යි
(රෝහිත් ෂර්මා 120, ලෝකේෂ් රාහුල් 20, රවිචන්ද්‍රන් අශ්වින් 23, විරාට් කෝලි 12, රවීන්ද්‍ර ජදේජා නොදැවී 66, අක්ෂර් පතෙල් නොදැවී 52, ටොඩ් මර්ෆි 82/5)



- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.