
තම වෘත්තීය ටෙනිස් දිවියේ සිව්වැනි ප්‍රධනතම කුසලානය දිනාගත් පෝලන්තයේ ඉගා ස්වියාටෙක්, ප්‍රංශ විවෘත ශූරතාවලියේ සිය තුන්වැනි ජයග්‍රහණයක් ලබාගත්තාය.
සෙනසුරාදා පැවති කාන්තා කේවල අවසන් තරගයේදී චෙකොස්ලෝවැකියානු ජාතික කැරොලිනා මුචෝවා පරාජය කරමින් ස්වියාටෙක් ලකුණු 6-2, 5-7 සහ 6-4 ක පහසු ජයක් ලබාගත්තාය.
ඇය මෙම ශූරතා තුනම ජයගත්තේ අවසන් වසර තුනක කාලයේදීය. ටෙනිස් ලෝකයේ සදාතනික වීරවරියක වන හිටපු ක්‍රීඩිකා ක්‍රිස් එවර්ට් ලොයිඩ් කියා සිටියේ “ප්‍රංශ විවෘත ශූරතා 10 ක් විතර දිනාගැනීමේ හැකියාවක් ඉගා ස්වියාටෙක්ට තියෙනවා” කියාය.
අන්තර්ජාතික ටෙනිස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව ඉගා ස්වියාටෙක් ලෝකයේ අංක 1 හිමි ක්‍රීඩිකාවයි.
“ඔයා ප්‍රංශ විවෘත ශූරතා 3 ක් දැනටමත් දිනලා තියෙනවා. මම දිනලා තියෙන්නෙත් ප්‍රංශ විවෘත ශූරතා 7 යි. ඒත් ඔයාගේ වයස තවම 22 යි. ඔයාට පුළුවන් මාව පහුකරලා යන්න. ප්‍රංශ විවෘත ශුරතා අටක්, නමයක් නැත්නම් 10 ක් විතර දිනාගන්න” යයි ප්‍රංශ විවෘත ශූරතාව ස්වියාටෙක්ට පිරිනමමින්, ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 18 කට හිමිකම් කියන ක්‍රිස් එවර්ට් ලොයිඩ් පැවසුවාය.
එහෙත් ස්වියාටෙක්ට තිබූණේ ක්‍රිස් එවර්ට් බලාපොරොත්තු නොවූ පිළිතුරකි.
“මම එච්චර දුර හිතන්නේ නෑ. මම එච්චර දක්ෂද කියලා මම දන්නෙත් නෑ. මම එදිනෙදා එන එන විදියට මුහුණ දෙනවා” යයි ස්වියාටෙක් කීවාය.
යුරෝ ස්පෝට්ස් රූපවාහිනී සේවාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ක්‍රිස් එවර්ට් ලොයිඩ් කියා ඇත්තේ ස්වියාටෙක් පන්දුවට පහර දෙන්නේ ක්‍රීඩකයකු විලසින් බවයි.
“එයා (ස්වියාටෙක්) අසීරුතාවට පත්වෙලා ඉන්දැද්දී සෙල්ලම් කළේ කොහොමද කියලා මම බලාගෙන හිටියේ. අසීරුතාවට පත්වුණාම, ඒ වගේ සෙල්ලම් කරන්න පුළුවන් සැබෑ ශූරයන්ට පමණයි. එයා පන්දුවට පහර දෙන්නේ පිරිමියෙක් වගේ”
“දිනන්න පුදුමාකාර උවමනාවක් තිබුණ ක්‍රීඩිකාවන් කීප දෙනෙක් මම දැකලා තියෙනවා. මොනිකා සෙලස්, ස්ටෙෆී ග්‍රාෆ්, මාත් එක්ක මාටිනා නව්රතිලෝවා ඒ අයයි. මා හිතනවා ඉගා ස්වියාටෙක් කියන්නෙත් ඒ කුලකයේ කෙනෙක් කියලා” යයි ද ක්‍රිස් එවර්ට් ලොයිඩ් යුරෝ ස්පෝට්ස් රූපවාහිනී සේවයට පැවසීය.
මොනිකා සෙලස්, ස්ටෙෆී ග්‍රාෆ්, ක්‍රිස් එවර්ට් ලොයිඩ් සහ මාටිනා නව්රතිලෝවා යනු දශක ගණනාවක් පුරා ටෙනිස් පිටිය දිග්විජය කළ සදාකාලික ශූරියෝ වෙති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.