Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇෆ්ඝනිස්ථානය ශ්‍රී ලංකාවේ ‍බලාපොරොත්තු ඉහළ නංවයි
ආසියානු කුසලාන

ඇෆ්ඝනිස්ථානය ශ්‍රී ලංකාවේ ‍බලාපොරොත්තු ඉහළ නංවයි

editorial - 2022 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)‍‍

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය අතර අද (30 වැනිදා) සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. ‍මෙම ජයග්‍රහණයත් සමග ‘බී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වූ ඇෆ්ඝනිස්ථානයට තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ස්ථානයක් හිමිකර ගැනීමටද හැකි විය.

මෙම තරගයේදී බංග්ලාදේශ ලැබූ පරාජයත් සමග ශ්‍රී ලංකාව සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීම සඳහා තබා තිබූ බලාපොරොත්තු ඉහළ ගියේය. මේ වන විට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මූලික වටයේදී එක් තරගය බැගින් පරාජය වී සිටින බැවින්, අනිද්දා (1 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ ජයග්‍රාහකයන් ‘බී’ කාණ්ඩයෙන් සුපිරි 4 දෙනාගේ වටයට පිවිසෙන සෙසු කණ්ඩායම බවට පත්වනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියහ. සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 69 ක ‍නොබිඳුණ වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ ඊබ්‍රහීම් සද්‍රාන් (නොදැවි 42) සහ නජිබුල්ලා සද්‍රාන් (43) ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නජිබුල්ලා තමා මුහුණදුන් පන්දු 17 න් 6 ක්ම හතරේ සීමාවට ඉහළින් යැවීමට සමත් විය. ඇෆ්ඝනිස්ථාන ඉනිමේ නැංගුරම බවට පත්වූ ඊබ්‍රහීම්, පන්දු 41 කදී වාර්තා වූ සිය ඉනිම හතරේ පහර 4 කින් සැරසුවේය. ආරම්භක පිතිකරු හස්රතුල්ලා සසායි පන්දු 26 කදී ලකුණු 23 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට මුජිබර් රහමන් සහ රෂීඩ් ඛාන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 127 ක් පමණි. මුජිබුර් ලකුණු 16 කට කඩුලු 3 ක්ද, රෂීඩ් ලකුණු 22 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් බංග්ලාදේශ කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමෙන් වැළැක්වූහ.

ලකුණු 28 කට කඩුලු 4 ක් බිඳහෙළමින් මුල් පෙළ වැනසූ මුජිබුර් සහ රෂීඩ් ආරම්භයේදී බංග්ලාදේශ කණ්ඩායම පීඩනයට පත්කළහ. එහිදී බංග්ලාදේශ මුල් පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාකාරය වෙත හරවා යැවීම මුජිබුර් සමත් විය. අෆී‍ෆ් හොසේන් (12) සහ මහමදුල්ලා රියාද් (25) පස්වැනි කඩුල්ලට ලකුණු 25 ක් එක්කරමින් බිඳවැටුණ බංග්ලාදේශ ඉනිමට මුක්කු ගැසීමට ගිය නමුත් ඔවුන්ද රෂීඩ්ගේ ගොදුරු බවට පත්වූහ.

අස්මතුල්ලා ඔමර්සායිගේ දක්ෂ පන්දු යොමුකිරීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුවන විට මෙහෙදි හසන් ලබා සිටියේ ලකුණු 14 ක් පමණි. සෙසු පිතිතරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ‍මොසැඩ්ඩෙක් හොසේන් පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් බංග්ලාදේශ ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

බංග්ලාදේශය

මොහොමඩ් නයීම් - ප.මුජිබුර්                          6

එනමුල් හක් - ක.මු. කළා ප.මුජීබ්                    5

සකීබ් අල් හසන් - ප.මුජිබුර්                           11

මුෂ්ෆිකුර් රහීම් - ක.මු. කළා ප.රෂීඩ්                 1

අෆීෆ් හොසේන් - ක.මු. කළා ප.රෂීඩ්              12

මහමදුල්ලා රියාද් - ඇ.ඊබ්‍රහීම් ප.රෂීඩ්             25

මො‍සැඩ්ඩෙන් හොසේන් - නොදැවී                48

මෙහෙද හසන් - දුවද්දී දැවී ගියා                     14

මොහොමඩ් ශයිෆුඩීන් - නොදැවී                      0

අතිරේක                                                         5

එකතුව ඕවර 20 කදි කඩුලු 7 ක් දැවී             127

පන්දුවට පහර ‍නොදුන් පිතිකරුවෝ :

ටස්කින් අහමඩ් සහ මුස්තෆිසුර් රහමන්

කඩුලු වැටීම :

1-07(නයීම්), 2-13(එනමුල්), 3-24(සකීබ්), 4-28(රහීම්), 5-53(අෆීෆ්), 6-89(මහමදුල්ලා), 7-127(මෙහෙදි)

පන්දු යැවීම :

ෆසාල්හක් ෆකූරි 4-0-25-0, මුජිබුර් රහමන් 4-0-16-3, නවීන් උල්හක් 4-0-31-0, රෂීඩ් ඛාන් 4-0-22-3, මොහොමඩ් නබී 3-0-23-0, අස්මතමුල්ලා ඔමර්සායි 1-0-07-0

ඇෆ්ඝනිස්ථානය

හස්රතුල්ලා සසායි - ක.මු. කළා. ප.හොසේන් 23

රහ්මනුල්ලා ගුර්බාස් - ස්ට.මුෂ්ෆිකුර් ප.සකීබ්   11

ඊබ්‍රහීම් සද්රාන් - නොදැවී                              42

මොහොමඩ් නබී - ක.මු. කළා ප.ශයිෆුඩීන්        8

නජිබුල්ලා සද්රාන් - නොදැවී                        43

අතිරේක                                                         4

එකතුව ඕවර 18.3 කදී කඩුලු 3 ක් දැවී          131

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :

කරීම් ජානට්, රෂීඩ් ඛාන්, අස්මතුල්ලා ඔමර්සායි, නවීන් උල්හක්, මුජිබුර් රහමන්, ෆසාල්හක් ෆකූරි

කඩුලු වැටීම:

1-15(රහ්මනුල්ලා), 2-45(හස්රතුල්ලා), 3-62(නබී)

පන්දු යැවීම :

සකීබ් අල් හසන් 4-0-13-1, මුස්තෆිසුර් රහමන් 3-0-30-0, මෙහෙදි හසන් 4-0-26-0, ටස්කින් අහමඩ් 3-0-22-0, මොසැඩෙක් හොසේන් 2.3-0-12-1, මොහොමඩ් ශයිෆුඩඩීන් 2-0-27-1


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානය ශ්‍රී ලංකාවේ ‍බලාපොරොත්තු ඉහළ නංවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.