Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇන්ඩසන්ට - බ්‍රෝඞ්ට ස්ථාන අහිමි වෙයි

ඇන්ඩසන්ට - බ්‍රෝඞ්ට ස්ථාන අහිමි වෙයි

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන එංගලන්ත සංචිතය අද (17 වැනිදා) ප්‍රකාශයට පකරන ලදි. ඔයින් මෝගන්ට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පවරා ඇත.

2015 ලෝක කුසලාන සංචිතයට නම්කර සිටි ඔයින් මෝගන්, ජොස් බට්ලර්, මොයින් අලී, ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, ක්‍රිස් වෝක්ස් මෙවරත් එංගලන්ත කණ්ඩායමට නම්කර සිටිති. එහෙත් පළපුරුදු වේග පන්දු යවන්නකු වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් දෙදෙනාටත්, පිතිකරුවන් වන ගැරී බැලන්ස්, ඉයන් බෙල්, රවී බොපාරා, ස්ටීවන් ෆින්, ක්‍රිස් ජෝර්ඞ්න්, ජේම්ස් ටේලර් සහ ජේම්ස් ටේ‍රඞ්වෙල්ට සිය ස්ථාන අහිමි වී තිබේ. 

ජේසන් රෝයී, ජොනී බෙයාර්ස්ටෝ, බෙන් ස්ටෝක්ස්, ජෝ ඩෙන්ලී, අදිල් රෂීඞ්, ලයාම් ප්ලන්කට්, ටොම් කරන්, ඬේවිඞ් විලී, මාක් වුඞ් ලෝක කුසලාන සංචිතයට එක්කර ගැනීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් මැයි 30 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ලන්ඩන් නුවර කෙනිංග්ටන් ඕවල්හිදී එංගලන්තය පළමු තරගයට මුහුණදීමට නියමිතය. 

එංගලන්ත සංචිතය
ඔයින් මෝගන් (නායක), ජේසන් රෝයී, ජොනී බෙයාර්ස්ටෝ, ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, ජොස් බට්ලර්, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, ජෝ ඩෙන්ලී, මොයින් අලී, අදිල් රෂීඞ්, ලයම් ප්ලන්කට්, ටොම් කරන්, ඬේවිඞ් විලී, මාක් වුඞ්.

 


අදහස් (0)

ඇන්ඩසන්ට - බ්‍රෝඞ්ට ස්ථාන අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.