Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු රග්බි පිටියේ බලවතා ලෙස ආධිපත්‍ය පතුරුවමින් සිටින ජපානය සැමෝවා පිලට එරෙහිව ලකුණු 26-5 ක විශිෂ්ට ජයක් අත්කරගනිමින් පළමුවතාවට ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයට එක්විමේ බලාපොරොත්තු ඊයේ අලූත් කර ගත්තේය. වසර 1991 කට පසුව කිසිදු අවස්ථාවක ලෝක කුසලාන රග්බි තරගයක් දිනා නොසිටි ජපානය මෙවර තරගමාලාවේ ලැබූ දෙවැනි ජයග‍්‍රහණය මෙය විය.
දෙවරක් ලෝක රග්බි කිරුළට හිමිකම් කී දකුණු අපි‍්‍රකානුවන් මෙවර තරගමාලාවේ සිය පළමු තරගයේදීම පරාජය කරමින් තරගමාලාව උඩුයටිකුරු කළ ජපාන කී‍්‍රඩකයෝ ඊයේ (3 වැනිදා) මිල්ටන් කේන්ස්හිදී කී‍්‍රඩාංගණයට රැස්ව සිටි 30,000 කට ආසන්න කී‍්‍රඩාලෝලීන් පිරිසකගේ ගෞරවාදරයට පාත‍්‍රවෙමින් ආරම්භයේ සිටම තරගයේ පාලනය සියතට ගත්හ.
දඬුවම් උත්සාහක දිනුමකින් සහ දැකුම්කලූ උත්සාහක දිනුමකින් තරගයේ පළමු භාගයේ කැපී පෙනෙන දස්කම් පෑ අකිහිතෝ යමාඩාගේ උත්සාහයන් දෙකම සාර්ථකව ගෝල බවට පත්කළ ජපානයේ ෆුල් බෑක් කී‍්‍රඩක අයුමු ගොරොමරූ දඩුවම් පහර දෙකක්ද සාර්ථක කරගනිමින් පළමු භාගයේ දී ලකුණු 20-0 කින් ජපානය ඉහළට ඔසවා තැබුවේය.
ඕනෑවට වඩා ආක‍්‍රමණශීලී කී‍්‍රඩා රටාවක් පෙන්නුම් කිරීමට යාමෙන් පළමු භාගය අතරතුර දී සැමෝවා කී‍්‍රඩකයන් දෙදෙනකුම මිනිත්තු 3 ක් ඇතුලත කහ කාඞ් පතේ දඩුවමට ලක්ව පිටියෙන් ඉවත්වීම කැපී පෙනුණි.
ජපන් ෆුල් බෑක් කී‍්‍රඩක ගොරොමරූට පිළිකුල් සහගත බාධා කිරීමකට උත්සාහ දැරීමෙන්ද, දෙවැනුව ප්‍රොප් කී‍්‍රඩක සකරියා ටවුලාෆෝ අවිනීත ලෙස යමාඩාට දැමූ කකල් මාට්ටුවෙන්ද වැරදිකාරයා වූ සැමෝවා පිලේ අංක 8 කී‍්‍රඩක ෆයිෆිලී ලිවාවි මේ ඉරණමට මුහුණ දුන්නේය.
සියලූ බාධා කිරීම් මැද ඉතා සටන්කාමී කී‍්‍රඩා විලාශයක නිරතවෙමින් සිය ජයග‍්‍රහණයේ මාවත විවර කරගත් ජපාන කී‍්‍රඩකයන් හමුවේ 60 වැනි මිනිත්තුව ඉක්මවනවිටත් ලකුණු 26-0 කින් පසුබෑ සිටි සැමෝවා පිලට 64 වැනි මිනිත්තුවේදී පෝල් පිරේස් ලැබූ උත්සාහක දිනුමකින් පමණක් සෑහීමකට පත්වීමට සිදුවිය.
කෙසේවුවත් තරගය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී යළිත් වතාවක් සැමෝවා පිලේ ෆිලෝ පෝලෝ නීතිවිරෝධී කී‍්‍රඩා රටාව නිසා තරගයේ තුන්වැනි වරටත් කහ කාඞ් පත සිය සාක්කුවෙන් ඉවතට ගැනීමට දකුණු අපි‍්‍රකානු තරග තීරක ක්‍රෙග් ජුබාට්හට සිදුවී තිබිණි.
තරගමාලාවේ පළමු වටයෙන්ම ඉවත්්වීමට දැන් සැමෝවා පිලට සිදුවී තිබේ.
දැනට ‘බී‘ කාණ්ඩයේ දෙවැනි තැන පසුවන ස්කොට්ලන්තය අභිබවා ඊළග වටයට යාමට නම් ලබන 11 වැනිදා ප‍්‍රසාද ලකුණක් සමග අමෙරිකාව පරාජය කිරීම ජපානයේ ඉලක්කයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.