Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අසලංක ඉහිරුණු කිරට අඬයි
සිංහ - කැන්ගරු සටන

අසලංක ඉහිරුණු කිරට අඬයි

editorial - 2022 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වසර දෙකකුත් මාස 3 කට පසුව ශ්‍රී ලංකාවේදී පැවැති මුල්ම අන්තර්ජාතික ක්‍රිකට් තරගයට රොද බැඳගෙන නරඹන්නන් පැමිණියද, බලාපොරොත්තු සියල්ලම සීසීකඩව යාමෙන් පසු, ඔව්හු මහ වැස්සේම, තෙමි තෙමී ආපසු නිවෙස් බලා ගියහ. තරගාවලිය ආරම්භ වීමට පෙර බොහෝ වහසි බස් කී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, නැටුමින් ගැයුමින් ඔල්වරසන් දුන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකාගාර, 12 වැනි ඕවරයෙන් පසුව මීයට පිම්බාක් මෙන් විය.

ශ්‍රී ලංකා පිතිකරුවන් කලබල වීමෙන් කඩුලු අහිමි කරගත් බව උප නායක චරිත් අසලංක කියයි.

“තණතීරුව අපි හිතන තරම් හොඳ එකක් වුණේ නැහැ. මොකද අපේ කඩුලු බිඳ වැටෙද්දී, ලකුණු ලබාගැනීමේ වේගයත් අඩාල වුණා. අපිට හොඳ පන්දු යවන්නන් හිටිය හින්දා ලකුණු 150 ක් විතර ගන්න පු`එවන් වුණා නම් හොඳ තරගයක් දෙන්න තිබුණා” යයි චරිත් අසලංක කීවේය. චරිත් තණතීරුවට දොස් කී නමුත්, එම තණතීරුවේදීම, ඕස්ටේ්‍රලියානුවන් කඩුල්ලක් දවාගැනීමේ අවසරයක් නොදීම ලකුණු 134 ක් ලබාගත්තේ කෙසේද යන්න විග්‍රහ නොකරයි.

“ඕවර 12කදී කඩුල්ලක් දැවී ලකුණු 100ක් ගත්තට පස්සේත් අපි ඔක්කොම පොඩ්ඩක් කලබලෙන් තමයි සෙල්ලම් කළේ. කලබල නොවී, අපි වේගය පවත්වා ගත්තානම් ලකුණු 170 ක් 180 ක් දක්වා යන්න තිබුණා. නමුත් අවාසනාවන්ත ලෙස, මමත් ඇතු`එව, මැදපෙළ පිතිකරුවන් ඉක්මණින් දැවී ගියා” යයිද අසලංක, තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය.

අසලංකගේ මෙම කතාව ඉහිරුණු කිරට අඬාවැටීමකි. වෘත්තීය මට්ටමේදී නම් මෙවන් අඬාවැටීම් වලට වඩා සිදුවන්නේ වැරැද්ද හඳුනාගෙන, ඉදිරියේදී එය නොවන්නට කටයුතු යෙදීමයි.

“අපි ඒක සැලකිල්ලට අරගෙන දෙවැනි තරගයේදී එක සෙල්ලම් කරන්න ඕනෙ කොහොමද කියලා බලන්න ඕනෑ” යයි අසලංක කී බැවින් ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයෝ අද (08 වැනිදා) තරගය දෙසත් බලාපොරොත්තු සහගතව බලා සිටිති.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරකයා කවුරුන්ද යන්න පිළිබඳව අසලංකට වැටහීමක් නැති බව නම් පැහැදිළිය. කණ්ඩායමක සංයුතිය අනුව, එක් එක් ක්‍රීඩකයාගේ වගකීම මෙන්ම කාර්යභාරය  බෙදීයාම වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවයයි. එහෙත් කණ්ඩායමේ ප්‍රහාරකයා කවුරුන්ද යන්න අසලංක නොදනී.

“පවර් හිටර් කෙනෙක් හිටියාද කියලා මට හරියටම කියන්න බැහැ. මොකද මම මැදපෙළ පිතිකරුවකු වශයෙන් ආපු නිසා. අපේ ශක්තිමත් පිතිකරුවන් කණ්ඩායමක් තමයි ඉන්නේ. ඒ අනුව තමයි අපි තරගය සැලසුම් කළේ” යයි ද අසලංක කීවේය.

ඒ කෙසේ වෙතත් තරගයක් දීමට නම් පන්දු යැවීමට තරම් වන ලකුණු සංඛ්‍යාවක් පුවරුවට දැමිය යුතු බව අසලංක පිළිගැනීම යහපත් තත්ත්වයකි.

“පිතිකරුවන් හැටියට අසමත් හින්දා පන්දු යවන්නන්ට වැරැද්දක් කියන්න බැහැ” යයිද අසලංක කීවේය.

 


 


අදහස් (0)

අසලංක ඉහිරුණු කිරට අඬයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.