
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු සතිය යටතේ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 154 ක ජයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය ඊයේ (21 වැනිදා) විය. මෙවර තරගාවලියේදී පොලිස් කණ්ඩායම ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය විය.
ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 324 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදී සිටි මේරියන්ස් කණ්ඩායමට නලින් ප්‍රියදර්ෂන ප්‍රමුඛ පොලිස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 170 ක් පමණි. එහිදී නලින් ලකුණු 37 කට කඩුලු 6 ක් බිඳහෙළීය.
දෙවැනි දිනය වූ පෙරේදා (20 වැනිදා) පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටි මේරියන්ස් කණ්ඩායම අවසන් දිනයේදී ලකුණු 6 ක් ඇතුළත ඉතිරි කඩුලු 2 ද අහිමි කරගත්තේය. එබැවින් ඔවුන්ට පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීමට සිදුවිය. මේරියන්ස් පළමු ඉනිමේදී නිපුන් ප්‍රේමරත්න සහ දිලුම් සුදීර කඩුලු 3 බැගින් දවාගත්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් පොලිස් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 477 ක් ලබාගත් අතර අනර්ඝ පිතිහරඹයක නිරත වූ නායක අෂේන් බණ්ඩාර හයේ පහර 5 ක් සහ හතරේ පහර 16 ක් සමග ලකුණු 200 ක් රැස්කළේය. එහිදී හිමාෂ රාමනායක (නොදැවී 70) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අෂේන් සමත් විය.
පොලිස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 477
(ධනුජ ඉඳුවර 18, ප්‍රියමාල් පෙරේරා 69, අෂේන් බණ්ඩාර 200, විෂාද් රන්දික 41, චතුරංග කුමාර 46, හිමාෂ රාමනායක නොදැවී 70, ඉරුෂ්ක තිමිර 172/5, මෙලන් හංසක 158/3, නිම්සර අතරගල්ල 68/2)
මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 153
(තනුක දාබරේ 30, සකුණ ලියනගේ 34, හර්ෂ කුරේ 31, නිපුන් ප්‍රේමරත්න 32/3, දිලුම් සුදීර 45/3, හිමේෂ් රාමනායක 39/2)
මේරියන්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 170
(ලසිත් ලක්ෂාන් 89, දර්ෂක සංදීප 27, සකුණ ලියනගේ 25, නලින් ප්‍රියදර්ෂන 37/6, නිපුන් ප්‍රේමරත්න 32/2, දිලුම් සුදීර 57/2)



ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.