Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අපි වැස්ස බලාගෙන කී‍්‍රඩා කළේ නෑ - මැතිව්ස්

අපි වැස්ස බලාගෙන කී‍්‍රඩා කළේ නෑ - මැතිව්ස්

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 13 Comment
A A A

 

විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඊයේ (3 වැනිදා) මීර්පූර් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී තමන් වර්ෂාව අපේක්‍ෂා කරමින් කී‍්‍රඩා නොකළ බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

එම තරගයේදී ඉතාමත් තීරණාත්මක ලකුණු 40 ක් ලබාගනිමින් තරගයේ වීරයා සම්මානයද දිනාගත් මැතිව්ස් තරගයෙන් අනතුරව එසේ පැවසීය.

මිර්පූර්හි ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය මත බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 27 කින් පරාජය කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 160 ක් ලබාගත් අතර  ඕවර 13.5 කදී කඩුලූ 4 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 80 කි.
” ඕවර 20 ම කී‍්‍රඩා කළා නම් හොඳයි. ඇත්තටම හොඳ තරගයක් වෙන්න තිබුණා.

කාලගුණයට ස්තුතිවෙන්න අපි අවසන් තරගයට ආවා වුණත් මා හිතනවා අපි අවසන් තරගයට එන්න තරම් සුදුසුයි කියලා. මොකද අපි පසුගිය දින කිහිපයේදීම ඉතාමත් හොඳින් කී‍්‍රඩා කළා” යයි ඇන්ජලෝ මැතිව්ස් ඊයේ පැවසීය.

”අපි පන්දුවට පහර දීලා ඉවර වුණාම අපි දැනගත්තා කිසියම් වර්ෂාවක් ඇතිවිය හැකි බව. ඒත් අපි වැස්ස බලාගෙන කී‍්‍රඩා කළේ නෑ. මොකද වැස්ස ගැන කලින් කියන්න බෑනේ”

”අප උත්සාහ කළේ ඔවුන් (පිතිකරුවන්) පාලනය කරගෙන, කඩුලූ කිහිපයක් දවාගන්නායි. මොකද ඔවුන් අතරේ ඉතාමත් විශාල පහර ගහන කී‍්‍රඩකයන් ඉන්නවා....ඔවුන් ගහගෙන ගහගෙන යන්න ගත්තොත් නවත්වන්න හරි අමාරුයි.

ඒනිසා ඔවුන්ව පස්සට තල්ලූ කරන්න නම් කඩුලූ දවාගන්න  ඕනෑ” යයි ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

නුවන් කුලසේකරගේ පළමු  ඕවරයේදී ලකුණු 17 ක් ලබාගත් ඞ්වේන් ස්මිත් කොදෙව් පිල වෙනුවෙන් ප‍්‍රවේගකාරී ආරම්භයක් ලබාගත් නමුත් දෙවැනි  ඕවරය යැවූ සචිත‍්‍ර සේනානායක සිය මුල්ම  ඕවරය ලකුණු 3 කට සීමා කළේය.

කුලසේකරගේ පන්දු යැවීම නැවත්වූ නායක මාලිංග පන්දු යැවීම තමාම බාරගත්තේය.

අනතුරුව මාලිංග විසින් පස්වැනි  ඕවරයේදී කි‍්‍රස් ගේල් සහ ඞ්වේන් ස්මිත් දෙදෙනාම පිටියෙන් ඉවත් කරන ලදි.

”ලසිත් මාලිංග පළමු  ඕවර හය තුළදී පන්දු යවන්න ආ එක ලෙකු දෙයක්. එයා ඒක නිතරම කරන්නේ නෑ. ඒත් එයා (ඊයේ) එහෙම කළේ අපිට ඉන්න හොඳම පන්දු යවන්නා යොදවලා ඒ වෙලාවේ කඩුලූ දවාගන්න අවශ්‍යව තිබුණ නිසයි. ඔහු ඒක කළා” යයිද මැතිව්ස් පැවසීය.

ශී‍්‍ර ලංකා ඉනිමේ 10 වැනි  ඕවරයේදී කඩුලූ 3 කට ලකුණු 65 ක් පමණක් ලබා සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන්  ඕවර 10 දී කොදෙව් පන්දු යවන්නන්ගෙන් ලකුණු 95 ක් උදුරා ගත්තේය. එයින් ලකුණු 38 කට ළහිරු තිරිමාන්න සම්මාදම් වූ අතර තවත් ලකුණු 40 ක් මැතිව්ස්ගෙනි.

”අපට කිසියම් ගණනය කිරීමක් කරන්න තිබුණා. ඒ වගේම පහර දීම සඳහා අපේ අවස්ථා ප‍්‍රයෝජනයට ගැනීමේදී තරමක් කල්පනාකාරී වෙන්නත්  ඕනෑ. මොකද නරේන්ගෙන් ඒ අවස්ථාව ගන්න බෑ”

අප උත්සාහ කළේ නරේන්ගෙන් ලකුණු 7 ක් - 8 ක් ගන්නා අතරේ අනෙක් අන්තයෙන් පන්දු යැවූ පන්දු යවන්නාගෙන් වැඩිපුර ලකුණු ලබාගන්නයි. ඒත් 16 වැනි  ඕවරයෙන් පස්සේ අපි අපේ අවදානම ගන්න  ඕනෑ” යයි මැතිව්ස් පැවසීය.
”මම ඔන්ඩි‍්‍රට (රසල්) සහ (කි‍්‍රස්) සන්ටොකිට පහසුවෙන් මුහුණ දුන්නා. යම් විදියකින් ලකුණු 150 - 160 ක් ලබාගත්තා නම් අපේ පන්දු යවන්නන් එක්ක එය හොඳ ලකුණු සංඛ්‍යාවක් වන බව අප දැන සිටියා.”

”මේ වගේ අවසන් පූර්ව තරගයකදී ලකුණු පුවරුවේ ප‍්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් තියෙනවා කියන්නේ ඒකම ප‍්‍රතිවාදීන් පීඩනයට පත්කිරීමක්. අපි ඉලක්ක කළේ ලකුණු 150 ක්  - 160 ක්. ඒ ඉසව්වට යන්න ලැබීම ගැන මා සතුටු වෙනවා”
”තිරිමාන්න ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. අපි දෙන්නා නිතරම කතා කළේ දෙන්නා අතර පන්දුවට පහර දීමේ අවස්ථා මාරු කරගනිමින් යන්නයි.

මොකද එක පැත්තකින් හතරේ සීමාව තරමක් දුරයි. ඒ නිසා ලකුණු දෙකේ ඒවා ලබාගන්න පුළුවන් වුණා”

”අපේ අරමුණ වුණේ සම්බන්ධතාවක් ගොඩනගා ගත්තාට පස්සේ ටිකක් වේගයෙන් ලකුණු ලබාගන්නයි..තිරිමාන්න ඉතාමත් අලංකාර ආකාරයෙන් පන්දුවට පහර දුන්නා. අවසන් තරගයේදීත් ඔහු ඒ ආකාරයෙන්ම පන්දුවට පහර දේවි කියලා බලාපොරොත්තු වෙනවා” යයි මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

වසර 2007 සිට මේ දක්වා පැවැති ලෝක කුසලාන තරගාවලි 6 න් 5 කදීම (2007, 2009, 2011, 2012 සහ 2014) ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

”කොහොම වුණත් මේ කී‍්‍රඩකයන්ගේ මහන්සියේ ප‍්‍රතිඵලයි. ඒත් මාහිතනවා කී‍්‍රඩකයන් ඒ ඒ අවස්ථාවන් වලදී තම තමන්ව හොඳින් හසුරුවා ගත්තා කියලා”
”සෑම දින දෙකකට වරක්ම ඉතාමත් අසීරු, තීරණාත්මක තරගයක් කී‍්‍රඩා කිරීම පහසු දෙයක් නෙමේ. ඒ තරග වලදී කී‍්‍රඩකයන්ගේ කාය ශක්තියෙන් සෑහෙන ප‍්‍රමාණයක් දියවී යනවා. ඒත් කී‍්‍රඩකයන් ඒ තත්ත්වය තේරුම් අරගෙන තමන්ගේ ශරීර සුවතාවය නිසි පරිදි පවත්වාගෙන යාමත් හරිම වැදගත්”

”පන්දු රැකීමේදී මේ තත්ත්වය තදින් බලපානවා. ඒත් මා හිතන්නේ පසුගිය මාස දෙකේදී අප ඒ අංශයෙන් ඉතාමත් සාර්ථකව ඉදිරියට ගියා..ඒ නිසා කුසලානයත් අරගෙනම ගෙදර යන්න තියෙනවා නම් හොඳයි” යයිද මැතිව්ස් කියයි.

කොදෙව් පිලට එරෙහිව පැවැති තරගයේදී දිනේෂ් චන්දිමාල් කී‍්‍රඩා නොකිරීම ඒකාබද්ධ තීරණයකි. ඒ සඳහා තේරීම් කමිටුව, කණ්ඩායම් කළමණාකාරීත්වය වගේම චන්දිමාල්ද එක`ග වූ බව මැතිව්ස් පැවසීය.

”තමන් කවුරුන් වුණත් කණ්ඩායමේ යහපත වෙනුවෙන් කළ යුතු දේ සෑම වෙලාවකදීම කරන්න  ඕනෑ. මා හිතන්නේ ඔහු කැමැත්තෙන්ම ඉවත් වුණා. ඔහු ඒ කළ දේ විශිෂ්ටයි. ඔහුට  ඕනෑ කළේ හොඳම 11 දෙනා පිටියට යවන්නයි.

”මා හිතන්නේ එය අති විශිෂ්ට තීරණයක් වගේම වික‍්‍රමාන්විත කි‍්‍රයාවක්”... ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ටෙස්ට් සහ එක්දින නායකයා වැඩිදුරටත් පැවසීය.


අදහස් (13)

අපි වැස්ස බලාගෙන කී‍්‍රඩා කළේ නෑ - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.