Last Update  :  2024-09-18 11:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ලකුණු 30 ක පරාජයක්
දෙවැනි එක්දින තරගය

ශ්‍රී ලංකාවට ලකුණු 30 ක පරාජයක්

editorial - 2024 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

එංගලන්ත යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර හෝවේ නුවරදී ඊයේ (01) පැවැති දෙවැනි එක්දින තරගයෙන් එංගලන්ත ක්‍රීඩකයෝ ලකුණු 30 ක ජයක් ලබාගැනීමට සමත්වූහ. 

මෙම තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 361 ක් ලබාගත යුතුව තිබූ නමුත් එංගලන්ත පිලේ තසීම් චෞද්‍රි අලි (41/2) සහ ලූක් බෙන්කෙන්ස්ටීන්ගේ (77/4) දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 330 ක් පමණි. 

ශ්‍රී ලංකා යොවුන් පිලේ වැඩිම ලකුණු ලාභියා වූයේ පුලින පෙරේරාය. ඔහු පන්දු 59 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමග ලකුණු 64 ක් ලබාගැනීමට සමත්විය.  

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත යොවුන් පිල ඕවර 50 නිමාවේදී කඩුලු 7ක් දැවී ලකුණු 360ක් ලබාගැනීමට සමත්විය. ආරම්භක පිතිකරු කේෂණ ෆොන්සේකා ලකුණු 09 කට දැවී ගියේය. එතැන් සිට නෝවා තායින් සමගින් එක්වූ ෆ්‍රෙඩී මැකෑන් ඕවර 23 කින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 127 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. 
අධිවේගී ලකුණු රැස්කිරීමක යෙදුණු එංගලන්ත පිලේ ෆ්‍රෙඩී මැකෑන් පන්දු 139 කින් ලකුණු 174 ක් ලබාගත් අතර ඔහුගේ ඉනිම හතරේ පහර 22 කින් සහ හයේ පහර 3 කින් සමන්විත විය. 

නෝවා තායින් ලකුණු 66 කට දැවී යාමෙන් පසුව තත්ත්වය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වඩාත් අහිතකර විය. නෝවා දැවී යාමෙන් පසුව පිටියට පැමිණි චාලි ඇලිසන් (පන්දු 43 කින් ලකුණු 46) සහ ඩොමිනික් කෙලී (පන්දු 11 කින් ලකුණු 32) වඩාත් ප්‍රහාරාත්මක ස්ථාවරයකට පිවිසීම හේතුවෙන් අවසන් ඕවර 20 න් ලකුණු 197 ක් එංගලන්ත යොවුන් පිලට එකතු විය. 

නායක දිනුර කළුපහන කඩුලු 5 ක් දවාගත් නමුත් දිනුරගේ ඕවර 10 න් ලකුණු 81 ක් උදුරාගැනීමට එංගලන්ත යොවුන් පිතිකරුවෝ සමත් වූහ. පිට දඟ පන්දු යවන්නා වූ විහස් තෙව්මික පමණක් සිය ඕවර 10 ලකුණු 35 කට සීමාකරගත් අතර දුමිඳු සෙව්මිණගේ ඕවර 10 න් එංගලන්ත යෞවනයෝ ලකුණු 91 ක් උදුරාගත්හ.

 

 

ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 49.2කදී සියලු දෙනා දැවී 330 යි
(පුලින පෙරේරා 64, ගයන වීරසිංහ 57, ශරුජන් ශන්මුගනාදන් 25, ප්‍රවීන් මනීෂ 38, හිවින් කෙනුල 30, ලූක් බෙන්කන්ස්ටයින් 77/4, ටසීම් චෞද්‍රි අලී 41/2)


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 30 ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.