Last Update  :  2025-05-17 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ත්‍රිත්ව විදුහල අවසන් සටනට
ජනාධිපති කුසලාන රග්බි

ත්‍රිත්ව විදුහල අවසන් සටනට

editorial - 2025 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල අද (9 වැනිදා)  සමත් විය.

මරදාන සහිරා විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 29-12 ක පහසු ජයක් වාර්තා කරමින් ත්‍රිත්ව ක්‍රීඩක‍‍යෝ අවසන් තරග‍යේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

පළමු අර්ධයේදී දෙපිලම කරට කර සටනක නිරත වූ අතර එම අර්ධය නිමාවට පත්වන විට දෙපිලම ලකුණු 12 බැගින් ලබා සම තත්ත්වයේ පසුවිය. එහිදී කණ්ඩායම් දෙකම ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් බැගින් වාර්තා කරමිනි.

පළමු අර්ධයේ අවසන් විනාඩියේදී ත්‍රිත්ව විදුහලට දඬුවම් පහරක් හිමිවූ නමුත් එය සාර්ථක කර ගැනීමට ශාන් අල්තාෆ් අසමත් වීම හේතුවෙන් ඔවුන්ට දෙවැනි අර්ධයට ආරම්භ වන විට ලකුණු 3 කින් පෙරමුණ ගැනීමට තිබූ අවස්ථාව අහිමිවිය.

කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වෙමින් සහිරා ක්‍රීඩකයන්ට එක් ලකුණක් හෝ රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදුන් ත්‍රිත්ව ක්‍රීඩකයෝ, එහිදී ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් තවත් ලකුණු 17 ක් සිය කණ්ඩායමට එක්කර ගත්හ.

කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර ‍ඉරිදා (11 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජය ලබන කණ්ඩායමට  එරෙහිව ත්‍රිත්ව විදුහල එළබෙන 18 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී තරගාවලියේ අවසන් මහ තරගයට සහභාගී වීමට  නියමිතය.  

 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

ත්‍රිත්ව විදුහල අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.