Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජොෆ්රා ආචර් අද පෙරවරුවේ සිටම හොඳින් පන්දු යැවූ නමුත් වැඩිපුර කඩුලු දවාගැනීමේ වාසනාවක් ඔහුට තිබුණේ නැත. ආචර් බලාපොරොත්තු අතහැර තිබිණ. එහෙත් ජස්ප්‍රීට් බුම්රාගේ අත් ආවරණයේ වැදී ගිය පන්දුවක් සම්බන්ධයෙන් පළමු ස්ලිප් හි සිටි ජෝ රූට්ට විශ්වාසයක් තිබුණෙන් විතීවි ක්‍රමවේදය අනුව ආචර්ට තුන්වැනි කඩුල්ල හිමිවීමත් සමගින්, මැන්චෙස්ටර් නුවරදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේදී ඉන්දියානු පළමු ඉනිම ලකුණු 358 දී නිමා විය.
එංගලන්ත - ඉන්දියා සිව්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (24 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 225 ක් ලබා සිටියේය. සුපුරුදු ‘බස්බෝල්’ ක්‍රීඩාවේ යෙදුණු සැක් ක්‍රෝලි (84) සහ බෙන් ඩකට් (94) දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 166 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඒ වෙනුවෙන් ඔවුන් මුහුණ දුන්නේ ඕවර 32 කට පමණි. ඔවුන් දෙදෙනා ලකුණු ලබාගත් වේගය ඕවරයදී ලකුණු 5.19 ක් විය.
දිනය අවසන් වන විට කඩුලු 8 ක් අතැතිව සිටි එංගලන්ත ක්‍රීඩකයෝ ඉන්දියානුවන්ට වඩා ලකුණු 133 ක් පසුපසින් සිටියහ.
වසර 8 කට පසුව ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් බෙන් ස්ටෝක්ස් පන්දුව ඔසවා පෙන්වමින් ආපසු ක්‍රීඩාගාරයට ආවේය. ක්‍රිකට් ඉතිහාසය පුරාම ටෙස්ට් ශතක 10 ක් සහ ඉනිමකදී කඩුලු 5 ක් දවාගැනීමේ අවස්ථා 5 ක් සම්පූර්ණ කළ ක්‍රීඩකයෝ සිටියේ තිදෙනෙක් පමණි. ශ්‍රීමත් ගාෆීඩ්ල්ඩ් සෝබර්ස්, ශ්‍රීමත් ඉයන් බොතම් සහ දකුණු අප්‍රිකාවේ ජැක් කලිස් ඔව්හු තිදෙනා වූහ. අද සිට බෙන් ස්ටෝක්ස් ද ඒ කණ්ඩායමට එකතු වෙයි.
ජොෆ්රා ආචර් මෙම තරගාවලියේදී මෙතෙක් දවාගත් කඩුලු 8 න් කඩුලු 7 ක්ම වමත් පිතිකරුවන්ගේ විය. රිෂාබ් පාන්ට් එහි අවසන් පුරුක විය.
රිෂාබ් පාන්ට්, පන්දුවට පහරදීම සඳහා ඕල්ඩ්ට්‍රැෆර්ඩ් ක්‍රීඩාගාරයේ පියගැට පෙල බැස ආවේ එහි තිබූ යකඩ ගරාදිය අල්ලාගෙන බොහෝ පරෙස්සමෙනි. ඔහුගේ පාදයේ අස්ථිය බිඳී තිබිණ. එහෙත් අවසානයේදී පාන්ට් දැවී යන විට ඉන්දීය පිල ලකුණු 350 සීමාවට එකක් මෑතින් සිටියේය. තවමත් අව් රැල්ලක් නොවැටුණු ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ තණතීරුව වේග පන්දු යවන්නන්ට සියලුම සහයෝගය දෙමින් සිටියදී, රිෂාබ් පාන්ට් කළ පිතිහරඹය ඉන්දීය නායකයා බලාපොරොත්තු වූවාට වඩා ඉහළින් තිබිණ.
අද උදෑසන තරගය ආරම්භ වූයේ ජොෆ්රා ආචර් විසින් රවීන්ද්‍ර ජදේජා දවාගැනීමෙනි. දෙවැනි නව පන්දුව ලබාගැනීමත් සමගින් බෙන් ස්ටෝක්ස් ආවේශ විය. කෙසේ වෙතත් ශර්දුල් ඨාකූර් සහ වොෂිංටන් සුන්දර් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක් එකතු කළහ. පසුව පැමිණි රිෂාබ් පාන්ට්ගේ දායකත්වය ඉන්දිය පිල බලාපොරොත්තු නොවූ සහනයක් විය.
ඉන්දියාව - පළමු ඉනිම 358 යි
(යශස්වී ජයිස්වාල් 58, ලෝකේෂ් රාහුල් 46, සායි සුදර්ශන් 61, ෂුබ්මන් ගිල් 12, රිෂාබ් පාන්ට් 54, රවීන්ද්‍ර ජදේජා 20, ශර්දුල් ඨාකූර් 41, වොෂිංටන් සුන්දර් 27, ජෙෆ්රා ආචර් 73/3, බෙන් ස්ටෝක්ස් 72/5)
එංගලන්තය - පළමු ඉනිම කඩුලු 2 ක් දැවී 225 යි
(සැක් ක්‍රෝලි 84, බෙන් ඩකට් 94, ඔලී පෝප් නොදැවී 20, ජෝ රූට් නොදැවී 11)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.