ශ්‍රී ලංකා කණ්ඩායම 2026 දී එංගලන්තයේ
විස්සයි-20 අන්තර්ජාතික තරග 3 කට සහ එක්දින අන්තර්ජාතික තරග 3 ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේදී එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය. මෙම තරගාවලිය ලබන වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා ආරම්භ වන අතර පළමුවෙන්ම විස්සයි-20 තරගාවලිය පැවැත්වෙනු ඇත.
2026 ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ කාල සටහන
සැප් 15 - 1 වැනි විස්සයි-20 තරගය සදම්ප්ටන්හිදී
සැප් 17 - 2 වැනි විස්සයි-20 තරගය කාඩීෆ්හිදී
සැප් 19 - 3 වැනි විස්සයි-20 තරගය මැන්චෙස්ටර්හිදී
සැප් 22 - 1 වැනි එක්දින තරගය ඩර්හැම්හිදී
සැප් 24 - 2 වැනි එක්දින තරගය ලීඩ්ස්හිදී
සැප් 27 - 3 වැනි එක්දින තරගය ලන්ඩන් නුවරදී
- 213