Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket ඕස්ට්‍රේලියානු යෞවනියෝ ආසියාවේ අත්දැකීම් සොයති
යොවුන් කාන්තා තරගාවලිය

ඕස්ට්‍රේලියානු යෞවනියෝ ආසියාවේ අත්දැකීම් සොයති

editorial - 2025 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 
ලෝකය පුරාම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතින අතර ඕස්ට්‍රේලියාවේදී  පැවැත්වෙන බිග් බෑෂ් (කාන්තා) තරගාවලිය සහ ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා අයි.පී.එල්. තරගාවලිය හේතුවෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වාණිජ වටිනාකම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් බාලිකා කණ්ඩායමට එරෙහිව විස්සයි-20 තරග 5 කට සහ එක්දින තරගයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු  කණ්ඩායම ආසියානු රටවල තරග අත්දැකීම් සොයමින් සිටී.
 
ඕස්ට්‍රේලියානු  19 න් පහළ කාන්තා කණ්ඩායම තෝරා ගැනීමේදී ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතනය දරන්නේ මෙවැනි අදහසකි.
 
“අනාගතයේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (කාන්තා ලෝක කුසලාන) තරඟවලට පෙර උප මහාද්වීපික ප්‍රදේශවල පවතින දේශගුණික සහ ක්‍රීඩාංගණ සඳහා අපේ ක්‍රීඩිකාවන් නිරාවරණය කිරීම ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයේ අපේක්‍ෂාවයි. විශේෂයෙන්ම ඊළඟ පරම්පරාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට, ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මෙම තරගාවලිය වැදගත් අවස්ථාවක් ලබාදෙනු ඇත.”
 
“ඕස්ට්‍රේලියාව  තම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගමන් මග සංවර්ධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබේ. එබැවින් මෙම ද්විපාර්ශ්වික තරගාවලිය තරුණ ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීම සඳහා ඇති මාහැඟි අවස්ථාවකි... ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීම මගින් ඕස්ට්‍රේලියානු  යොවුන් කාන්තා කණ්ඩායමේ තාක්ෂණික නිපුණත්වය මෙන්ම මානසික ඔරොත්තු දීමේ හැකියාව ද පරීක්ෂා කෙරෙනු ඇත” යයි ද ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ. 
 
ඕස්ට්‍රේලියානු  යොවුන් කාන්තා කණ්ඩායම
අයිරා ඒරි, ඊවා බෙයාර්ඩ්, අවා ඩ්‍රූරි, සමාරා ඩල්වින්, ලුසි ෆින්, ලිලී හැමිල්ටන්, ෂිලෝ ජූලියන්, ජැස්මින් කැම්බෝජ්, සාරා කෙනඩි, චාලි මැක්ලෙනන්, ඉන්දිරා පැනෙලි, එමිලි පවෙල්, චෙල්සි සොන්ටර්, අයකා ස්ටැෆර්ඩ්, සහ අයිජේ විලෝබි
 
තරග කාලසටහන:
සැප්තැම්බර් 20 - පළමු යොවුන් විස්සයි20 තරගය
සැප්තැම්බර් 21 - දෙවැනි යොවුන් විස්සයි20 තරගය
සැප්තැම්බර් 24 - තෙවැනි යොවුන් විස්සයි20 තරගය
සැප්තැම්බ්ර් 26 - සිව්වැනි යොවුන් විස්සයි20 තරගය
සැප්තැම්බර් 28 - පස්වැනි යොවුන් විස්සයි20 තරගය
සැප්තැම්බර් 30 - යොවුන් එක්දින තරගය
 
- 213

අදහස් (1)

ඕස්ට්‍රේලියානු යෞවනියෝ ආසියාවේ අත්දැකීම් සොයති
  • රිතික් Wednesday, 17 September 2025 07:30 PM

    සිරස්තලය දැක්කම මට අමුතු අමුතු දේවල් ඔලුවට එනවා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.