Last Update  :  2026-02-03 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket ඉන්දීය ‘ඒ’ - ඇෆ්ඝනිස්ථානය - ඉතාලිය ජය ලබයි

ඉන්දීය ‘ඒ’ - ඇෆ්ඝනිස්ථානය - ඉතාලිය ජය ලබයි

editorial - 2026 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීම සඳහා ඊයේ (2 වැනිදා) පැවැති පෙරහුරු තරගවලදී ජය වාර්තා කිරීමට ඉන්දීය ‘ඒ’, ඇෆ්ඝනිස්ථාන සහ ඉතාලි කණ්ඩායම් සමත් විය. එහිදී ඔවුන් හමුවේ පිළිවෙළින් ඇමරිකා, ස්කොට්ලන්ත සහ කැනඩා කණ්ඩායම් පරාජයට පත් විය. 

මුම්බායි නුවර ඩී.වයි. පටීල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 239 ක ඉලක්කයක් හඹාගිය ඇමරිකානු කණ්ඩායම ඕවර 19.4 ක් අවසානයේ ලකුණු 200 කට සීමා කිරීමට ඉන්දීය ‘ඒ’ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී රවී බිෂ්නෝයි ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු නාරායන් ජගදීසන් පන්දු 55 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 104 ක් රැස්කළේය. නායක අයුෂ් බදෝනි පන්දු 26 කින් වේගවත් ලකුණු 60 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. 

බෙංගලූරු නුවර ඉන්දීය ක්‍රිකට් පාලක මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ජයග්‍රහණ්‍ය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්තයට ඕවර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 123 ක් පමණි. එහිදී අස්මතුල්ලා ඔමර්සායි ලකුණු 14 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ දර්විෂ් රසූලි පන්දු 46 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 84 ක් රැස්කළේය. මොහොමඩ් නබී පන්දු 16 කින් ලකුණු 34 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 

චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය කැනඩාවට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146 ක් පමණි. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉතාලිය වෙනුවෙන් ජේ.ජේ. ස්මට්ස් පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 49 ක් රැස්කළේය. 


මුම්බායි නුවරදී ඉන්දීය ‘ඒ’ පිලට ලකුණු 38 ක ජයක් 

ඉන්දීය ‘ඒ’ පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 238 
(ප්‍රියන්ෂ් ආර්ය 28, නරායන් ජයදීසන් 104, තිලක් වර්මා 38, අයුෂ් බදෝනි නොදැවී 60) 

ඇමරිකාව - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 200
(ඇන්ඩි්‍රයස් ගූස් 44, මිලින්ද් කුමාර් 18, සන්ජේ ක්‍රිෂ්ණමූර්ති 41, ශුභම් රංජේන් 28, හර්මීත් සිං 25, මොහොමඩ් මොසින් 21, රවී බිෂ්නෝයි 37/3, නාමන් ධීර් 06/2, ඛලීල් අහමඩ් 25/2) 


බෙංගලූරු නුවරදී ඇෆ්ඝනිස්ථානයට ලකුණු 61 ක ජයක් 
ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 184   
(ඊබ්‍රහීම් සද්‍රාන් 36, දර්විෂ් රසූලි 84, මොහොමඩ් නබී 34, මාක් වුඩ් 32/2, බ්‍රැඩ් වීල් 57/2) 

ස්කොට්ලන්තය - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 123 
(මයිකල් ජෝන්ස් 21, බ්‍රෙන්ඩන් මැක්මුලන් 20, මැතිව් කෘස් 21, මාක් වොට් 15, අස්මතුල්ලා ඔමර්සායි 14/3, මොහොමඩ් නබී 09/2, සියාවුර් රහමන් 20/2) 


චෙන්නායි නුවරදී ඉතාලියට ලකුණු 10 ජයක් 
ඉතාලිය - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 156    
(ජස්ටින් මොස්කා 22, ඇන්තනී මොස්කා 22, ජේ.ජේ. ස්මට්ස් 49, හැරී මනෙන්ති නොදැවී 33) 

කැනඩාව - ඕවර 20 කදී කඩුලු 6 දැවී 146 
(යුවරාජ් ශර්මා 33, දිල්ප්‍රීත් බාජ්වා 37, නව්නීත් ධලීවාල් 15, නිකලස් කිර්ටන් 33)


-036 


අදහස් (0)

ඉන්දීය ‘ඒ’ - ඇෆ්ඝනිස්ථානය - ඉතාලිය ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.