තරග 5 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම මස 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම තරග සංචාරයේදී මැලේසියානු ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කොළඹ ක්‍රීඩාංගණ දෙකකදී තරග වැදීමට නියමිතය.
තරගාවලියේ පළමු සහ සිවුවැනි තරග කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදීත්, දෙවැනි, තෙවැනි සහ පස්වැනි තරග කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තරගාවලියේ කාල සටහන
නොවැ. 2 - පළමු තරගය - එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී - පෙ.ව. 10.00
නොවැ. 3 - දෙවැනි තරගය - කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී - ප.ව. 2.00
නොවැ. 5 - තෙවැනි තරගය - කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී - පෙ.ව. 10.00
නොවැ. 7 - සිවුවැනි තරගය - එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී - පෙ.ව. 10.00
නොවැ. 10 - පස්වැනි තරගය - කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී - පෙ.ව. 10.00
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.